ටිබෙටයේ කඳුකරබද ප‍්‍රදේශයක පිහිටි රන් ආකරයක පෙරේදා(30) සිදුවූ නායයෑමක් හේතුවෙන් පතල්කරුවෝ 83 දෙනෙක් සිරවී සිටින බව විදෙස් පුවත්සේවා සඳහන් කරයි. 
නායයෑමෙන් රන් ආකරය පිහිටි ප‍්‍රදේශයේ කිලෝමීටර් තුනක පමණ පැල්මක් ඇති වූ බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි. ටිබෙටයේ ලහාසා නුවරට නැගෙනහිරින් පිහිටි මයිසොකුන්ගර් පළාතේ මුහුදු මට්ටමේ සිට මීටර් 4,600ක උසින් යුත් ස්ථානයක මෙම රන් ආකරය පිහිටා ඇත.
අනතුරට ලක්වූ පතල්කරුවන්ගේ දිවිගලවා ගැනීම සඳහා දහසක පමණ පොලිස් භටයන්, ගිනිනිවන භටයන් හා ජිවිතාරක්ෂක කණ්ඩායම් එම ප‍්‍රදේශයට යැවූ බව ටිබෙට් බලධාරීහු පවසති.