IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ටෝනාඩෝ කුණාටු ඇමෙරිකාව කලඹයි

ඇමෙරිකාවේ ගිණිකොනදිග ජනපද කීපයකට ටෝනාඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මරණ 34 ක් වාර්තා වන බවය. එයින් මරණ 12 ක් වාර්තා වන්නේ මිසෝරි ජනපදයෙන් බව ද පැවැසෙයි.

සුළි කුණාටුවලින් නිවාස ලක්ෂ ගණනකට හානි සිදුවිය. මෝටර් රථ උඩු යටිකුරු විය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මෝටර් රථ 55 කට හානි සිදුවුණු බවය. ටෝනාඩෝ සුළි කුණාටුවලින් බලපෑම් එල්ල වූයේ මිසෝරි, මිචිගන් සහ ඉලිනෝයි ජනපදවලටය.

මේ වනවිට නිවාස 2,50,000 කට විදුලි බලය නොමැති බව පැවැසෙයි. ගස් කඩා වැටීමෙන් මාර්ග බොහොමයක් අවහිර වී ඇතැයි ද වාර්තා වේ.

ටෝනාඩෝ සුළි කුණාටු සමඟ මහ වැසි ඇදහැලුණු බවත්, මේ වනවිට මිසිසිපි, ලුවිසියානා, ටෙනිසි යන ජනපදවල මෙන්ම, ඇලබාමා, ආකන්සාස් යන ජනපදවල නගර සහ පළාත් රැසක ජල ගැලීම් වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ටෝනාඩෝ කුණාටු ඇමෙරිකාව කලඹයි

ගුණරත්න Monday, 17 March 2025 07:25 AM

ඔය ප්‍රියස් එක මෙහාට එවන්න, කෝටියකට විකුණන්න පුළුවන්.

:       0       0

prasanna Monday, 17 March 2025 10:34 AM

තව බෝම්බ දාලා අහිංසක මිනිස්සු මරපල්ලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 128 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site