
කාබුල් ගුවන්තොටුපොළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, සිවිල් වැසියන් ඉවත් කිරීමේ කටයුතු නොකඩවා ඉදිරියට සිදු කරන බවය.
ඇමෙරිකන් සොල්දාදුවන් කාබුල් අගනුවරින් ඉවත් කර ගැනීම 31 වැනිදා වනවිට අවසන් කරන බව ද ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කළේය. ඇමෙරිකාව ත්‍රස්තවාදීන්ට බය නොමැති බවත්, ඊයේ (26) ප්‍රහාරය එල්ල කළ 'ජිහාද්' ත්‍රස්තවාදීන් ට කිසිදු සමාවක් නොදෙන බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අවධාරණය කළේය.
මේ වනවිට ඇමෙරිකන් සෙබළුන්ගේ මැදිහත් වීමෙන් ලක්ෂයකට වැඩි ඇෆ්ගන් වැසියන් පිරිසක් විදේශවලට රැගෙන යෑම සිදු වී තිබේ. ඒ, පසුගිය 15 වැනිදා කාබුල් අගනුවර තලේබාන් සංවිධානය අතට පත්වීමෙන් පසුවය.
කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රය ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කළ 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ 'කොරසාන්' පළාතෙන් බිහිවුණු ත්‍රස්ත කල්ලියකි. මොවුන් නිල වශයෙන් හැඳින්වෙන්නේ 'ඉස්ලාමික් ස්ටේට් කොරසාන් ප්‍රොවින්ස්' යන නමිනි.
මොවුන් ඇෆ්ගනිස්තානයේත් අසල්වැසි පාකිස්තානයේත් ක්‍රියාත්මකය. ඇෆ්ගනිස්තානයේ තල්බාන් සංවිධානයේ අණට කීකරු නොවන බිහිසුණුම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන්නේ 'අයි.එස්.කේ.' ය. මොවුන් ඇෆ්ගනිස්තානයෙන් බිහිවීම ආරම්භ වූයේ 2015 වසරේදීය. ඒ ඉරාකයේත් සිරියාවේත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත රාජ්‍යය බිහි වෙද්දීය. කෙසේ නමුත් ඇමෙරිකාව ඇතුළු විදෙස් රටවල් එක්වී, 'ඉස්ලාමික් ස්ටේට්' ත්‍රස්ත සංවිධානය අඩපණ කර දැමීය.
අදවනවිට 'අයි.එස්.කේ.' වැනි ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලි ලොව රටවල් රැසක ක්‍රියාත්මක වන බව විදෙස් බුද්ධි අංශ පෙන්වා දෙයි. ප්‍රධාන තලේබාන් සංවිධානයේ මතයට ගරු නොකරන තලේබාන් සාමාජිකයන් බොහෝ දෙනකු මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සාමාජිකයන් බොහෝ දෙනකු 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය සමඟ එක් වී සිටින බව ද පැවැසෙයි. බාලිකා පාසල්, රෝහල් ඉලක්ක කර ගනිමින් පහර දීම් කරන්නේ මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලියයි.
මීට වසර කීපයකට පෙර, ඇෆ්ගනිස්තානයේ විදෙස් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මාතෘ රෝහලකට කඩා වැදී ගැබිනි මවුවරුන් වෙඩි තබා ඝාතනය කළේ ද මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලි සාමාජිකයන් යැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.
'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය ක්‍රියාත්මක වන්නේ තෙවැනි පාර්ශ්වයක් හරහාය. මෙම තෙවැනි පාර්ශ්වය 'හක්කානි' ත්‍රස්ත ජාලයයි. තලේබාන්වරුන්ට ආයුධ ලබා දීම සහ තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවීම කරන්නේ ද මෙම හක්කානී ජාලයයි.
මේ වනවිට තලේබාන් පාලනය යටතේ කාබුල් අගනුවර ආරක්ෂාව පැවැරී ඇත්තේ හක්කානි ජාලයේ ප්‍රධානී කහීල් හක්කානිටය. මොහුගේ හිස වෙනුවෙන් ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බව පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව අවුරුදු ගානක් ඇෆ්ගනිස්තානයේ ලැගගෙන හිටියා. ත්‍රස්තවාදය ඉවර කළාද ? මෙයාලගෙ අවංක නැති වැඩ නිසා තව තව ලෝකය අස්ථාවර වෙනවා. ඔය ත්රස්තවාදීන්ගේ අතේ තියෙන ආයුධ කොහේ හදපුවාද ? මේක ව්‍යාපාරයක්. හැබැයි කර්ම විපාක විඳින්න වේවි.
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
ඇමෙරිකන් සිරිසේන...!!!
කයිය විතරයි... ට්‍රම්ප් කළදෙයින් 1% ක් කරන්න බැහැ. ට්‍රම්ප් යුද්ද 5ක් නැවැත්තුවා... කිසිකෙනෙක් නොමැරී...
මේ ත්‍රස්ත කල්ලි හදන්න ඇමරිකාවෙන් මුලදී උදව් ලැබුණා. දැන් රටේ ඉන්න සිවිල් ජනතාව ඒකට වන්දි ගෙවනවා. ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන් පාලනය කරන රටක්වීම ඒ රටට පමණක් නොව අවට රටවලටත් තර්ජනයක් විය හැකියි.
ෆොටො ඒකක් තිබ්බනම් අල්ලගන්න තිබ්බා මේ මිනිහව
ජිහාඩ් කතාව සිංහල ගොයියන්ට තෝරා දෙන්න හැදුවාට තේරුම් ගන්නේ නැහැ.
එක්සත් ජනපදයට නාවික සෙබළුන් 12 දෙනෙකු අහිමි විය. ඔවුන් කිසිදු වෙඩි තැබීමක් සිදු කළේ නැත.