සිය මවුන්ටන් වර්ගයේ පාපැදියට රුමේනියා තරුණයෙක් කුඩා ජෙට් එන්ජිමක් සවි කළේය.
‘පාපැදියෙන් ගමන් යාම තමයි දැනට අපේ ගමේ අයට තිඛෙන ලෙහෙසිම හා පහසුම විදිය. ඒත් වේගය තමයි අඩු. ඒ නිසාම තමයි මම මෙහෙම දෙයක් කරල බලන්න හිතුවේ‘, රාවුල් ඔයිඩියා නම් මේ 19 හැවිරිදි තරුණයා පවසයි.
මේ ඇන්ජිම යානා වලට සවි කරන තරම් විශාල එන්ජිමක් නොවේ. එය රාවුල් විසින් සියතින්ම නිපදවාගත්තේය තැනිතලා පාරකදී පැයට සැතැපුම් 26 ක පමණ වේගයක් අත්කරගැනීමට ජෙට් එන්ජිමෙන් ජවය ලබාගන්නා මේ පාපැදියට හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිපස්සෙන් යන කෙනා පරිස්සමින්. (නි)
ජෙට් එන්ජිමක් මිළට ගන්න බයිසිකලය විකුණන්න වේවිද දන්නෙ නැහැ. (නි)
අපෙ අයනම් බීක් එක අරන් සියයට යයි (අ)
දැන් මේක පා පැදියක් නෙමෙයි ජෙට් පැදියක්නේ. (නි)
අම්මෝ! ඕක නම් ලංකාවට ගෙන්නන්න එපා. එහෙම වුණොත් සෑහෙන විනාශයක් වේවි. (නි)
කොහොමද එයා ජෙට් එකක් ගෙදරදී හැදුවේ? (නි)
මේ ජෙට් ඇන්ජිම කොහොමද හැදුවේ? වැඩේ නම් හොදයි. ලංකාවටත් ගැලපෙනවා මේ වැනි දේ. (ත)
හනුමට වුණු දේ වෙයිද දන්නේ නෑ පිටිපස්සේ යන කෙනාට. (ත)
පරිස්සමට හිමින් ගියොත් නරකද (දී)
අපිට නම් පයින් පාගන එක තරම් හොද නැහැ (දී)
ලංකාවට ගෙනාවොත් කියයි අපි හැදුවා කියලා. (නි)
අයියෝ! මේක පිටිපස්සේ ඉදගෙන යන්න බැහැනේ. (නි)