IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජීවිත 112ක් බිලි ගත් බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගින්න කඩාකප්පල්කාරී වැඩක්

ජීවිත 112ක් බිලි ගනිමින් ඉකුත් මාසයේ බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක හට ගත් ගින්න එහි සේවය කළ අයෙකු විසින් සිදු කරන ලද කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් බව ඒ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන එරට රජය පත් කළ කොමිසම කියා සිටී. ගින්න ඇවිළ වූයේ කවුරුන්දැයි යන්න මෙහිදී වැදගත් නොවන බව පැවසූ එම කමිටුව සිය සේවකයන්ගේ ආරක්ෂාව නිසිලෙස තහවුරු නොකළ එහි හිමිකරුට දඬුවම් ලබා දිය යුතු බව ද අවධාරණය කර පැවැසීය. කම්හල් ගින්නේ සිදුවීමෙන් අනතුරුව රජයේ නිලධාරීන් පිරිසකට මෙන්ම කර්මාන්ත පාලනය කරන නිලධාරීන් ඊට වගකිවයුතු බව පවසමින් දෝෂාරෝපණ එල්ල වන්නට විය. හදිසි අවස්ථාවකදී කි‍්‍රයාත්මක වීම පිණිස නිසි ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබුණේ නම් සිදු වූ ජීවිත හානි අවම කර ගැනීමට හැකිව තිබූ බව එම කමිටුවේ අදහසයි. ඇඟලූම් කම්හල පිහිටි තට්ටු අටකින් සමන්විත ගොඩනැගිල්ලේ හදිසි අවස්ථාවකදී පිටවිය හැකි අයුරින් දොරටු තනා නොමැති බව සඳහන් කළ එම කමිටු ප‍්‍රධානී මයිනුද්දීන් කන්ඩෙකර් එම ගොඩනැගිල්ලේ නීත්‍යනුකූලව ඉදිකර ඇත්තේ මහල් තුනක් පමණක් බව ද කීය. රටේ ඇති ඇඟලූම් කම්හල්වල සේවය කරන්නන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස ‘‘ප‍්‍රබල කාර්ය සාධක බලකායක්’’ පිහිටු වන්නැයි කමිටුව රජයට දන්වා සිටී. සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු එම කමිටුව සිද්ධිය පිළිබඳ අවසන් වාර්තාව පෙරේදා(17) බංග්ලාදේශ රජයට බාර දුන්නේය. මේ අතර සිද්ධිය පිළිබඳ තවත් පරීක්ෂණ දෙකක් තවමත් කි‍්‍රයාත්මක වේ. බංග්ලාදේශයේ අපනයනවලින් සියයට අසූවක දායකත්වකයක් දක්වන්නේ ඇඟලූම් කර්මාන්තයයි.



අදහස් (0)

ජීවිත 112ක් බිලි ගත් බංග්ලාදේශ ඇඟලූම් කම්හල් ගින්න කඩාකප්පල්කාරී වැඩක්

පුබුදු Thursday, 20 December 2012 09:34 AM

මධු හරි. මේවා දිට්ට ධම්ම වේදනීය කර්ම තමයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 20 December 2012 10:20 AM

මධූ, ඔයාගේ මෝඩකම ප්‍රශ්නයක් කරගන්න එපා. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 19 December 2012 09:35 PM

මධූ වගේ අය එදා ඇෆ්ඝනිස්ථානයේ ඉ‍න්න ඇති. (නි)

:       0       0

මධූ Thursday, 20 December 2012 09:09 PM

කවුරු කවුරුත් තොප්පිය හරිනම් දා ගන්න (ස)

:       0       0

මධු Wednesday, 19 December 2012 04:11 PM

බුදු දහම විනාශ කරන්නන් හට කර්මය මොන විදියකින් හෝ පළ දෙනවාමයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 19 December 2012 04:37 PM

පවු අහිංසක මිනිසුන්... (නි)

:       0       0

ලාල් Wednesday, 19 December 2012 06:39 PM

අල්ලාහ්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site