ජලකර වායුවෙන් බල ගැන්වූ රේසින් ගණයට අයත් ලොව ප්‍රථම මෝටර් රථය නිපදවීමට බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාර්ටින් මෝටර් රථ සමාගම සැරසේ.
ජලකර (හයිඩ්‍රජන්) දහනයේදී සාමාන්‍ය ඉන්ධන දහනයේදී මෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව පිටවීමක් සිදු නොවේ.
දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නිපදවෙන්නේ ජලය පමණි.
මෝටර් රථය නිපදවා එය පැය 24 ක් පුරා දිවෙන ධාවන තරගයකටද යෙදවීමට ඇස්ටන් මාර්ටින් සමාගම සැළැසුම් කර ඇත.තරගය ජර්මනියේ ප්‍රකට ධාවන පථයක් වන නියුරෙම්බර්ග් හිදී පැවැත්වේ.
ධාවන බලය ලබාදීම අතින් හයිඩ්‍රජන්ද පොසිල ඉන්ධන වලට දෙවැනි නොවන බව පෙන්වීම ඇස්ටන් මාර්ටින් සමාගමේ අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම මේ තාක්ෂනය හොයා ගත්තේ ලංකාවේ කොල්ලෙක්. කාටවත් දැන් ඒක මතක නැහැ. මේ කොල්ලට මොකද වුණේ කියලා කව්රුත් දන්නේ නැහැ. (නි)
අමතක වුණ අයට මතක් කරදීමක් www.youtube.com/watch?v=g_7S48Mu_H4 (නි)
අරාබි රටවලට අල්ලාගෙම පිහිටයි! (නි)
මේවා හදලා කරලියට එනකොට ලෝකේ කාබන් වලින් විනාශ වෙලා අවසාන වෙලා යයි (නි)
පේනවද තාක්ෂණය? (නි)
පේනවද ලෝකේ දියුණු වෙන උත්සාහවන්ත රටවල්. විශිෂ්ට සමාගම්.අද්විතීය නිෂ්පාදන. උතුම් ජාතින්... අපි අන්‍ය ජාතීන්ට කෑ ගගහා පුරාජේරු කියා කියා ලෝකෙටම ණය වේවි කල් මරමු. (නි)
මේ අද්විතීය නිර්මාණය කරන්නට දායක වූ සියල්ලටම අපි ස්තුති වන්ත වෙමු. අනාගතේ ලොව පරිසරය වඩාත් ලස්සන වේවී. ඔබට ප්‍රණාමය! (නි)
ලොව තෙල් තියන රටවල ඒකාධිකාරිය බිද වැටෙන දින ළගදීම ඒවි. ඒ විතරක් නෙමෙයි, තෙල් නිසා මේ වෙන යුද්ධ ගොඩක් නැවතී යනු ඇත.නියමයි.... (නි)
මේ තාක්ෂණය දැනට ජෙට් වලට යොදාගන්නවා. නමුත් ලංකාවේ තියෙන මිග් ජෙට් වල නම් නැහැ. හේතුව මිග් හදලා තියෙන්නේ 1960 ගණන් වල අග බාගේදී. (නි)
කෝ අපේ සේනාව? (නි)
ඇයි රාවනාට දඩු මොනරෙක් හිටියේ? රජවරු වැව් හැදුවේ? ... කියා කියා පුරාජේරු කියවන අපේ රටේ අය තාම ඉන්නවා. මෙහෙම කියන ගමන් බිරිය රට අරිනවා. කට ගොන්නක් බිගෙන කිසිම වැඩක් නොකර සුද්දන්ට බනිනවා. (නි)