ප‍්‍රංශ නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසු ජර්මනිය බලා ගිය ෆ‍්‍රන්සුවා ඕලන්ද් ගමන් කළ ගුවන් යානය පෙරේදා (15) රාති‍්‍රයේ අකුණු කුණාටුවකට මැදි විය.
අකුණු කිහිපයක් වැදුණු නමුත් කිසිදු අනතුරක් නොවී යානය ජර්මනියේ බර්ලීන් නුවරට පියාසර කරවීමට එහි නියමුවෝ සමත් වූහ.
ප‍්‍රංශයේ පැරිස් නුවර ෂොම්ස් දෙලීසේ මාලිගයේ දී කඩිමුඩියේ පැවැති දිවුරුම් දීමෙන් අනතුරුව, නව ප‍්‍රංශ ජනපතිවරයා බර්ලීන් නුවරට ගියේ ජර්මන් චාන්සලර්වරිය ඇන්ජෙලා මාකෙල් හමුවී යුරෝපා මූල්‍ය අර්බුදය ගැන සාකච්ඡුා කිරීමටය. ජර්මනියට පසු යුරෝපා සංගමයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමි රට ප‍්‍රංශයයි. යුරෝ මුදල් කලාපය තුළ ආර්ථික බලවතා වන්නේ ද ප‍්‍රංශයයි. නිකලස් සාර්කෝසි ප‍්‍රංශ ජනපති ධුරය හොබවද්දී, ගතවූ වසර පහක කාලයේදී ප‍්‍රංශ යුරෝපා දේශපාලනය තුළ දකින්න ලැබුණේ ජනපති සාර්කෝසි සහ ජර්මන් චාන්සල්වරිය වන ඇන්ජලා මර්කෙල් එක්වී ගොඩනැගූ දක්ෂිණාංශික සන්ධානයයි.
සමාජවාදී දේශපාලනඥයකු වුවත් තමන් ජර්මන් චාන්සල්වරිය සමඟ සහයෝගීව කටයුතු කිරීමට සූදානම් යැයි ඕලන්ද් පවසා ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවැනි භාධකය
බලේට ආපු ගමන්ම බලන්න ගියේ කාවද?
කරුණාකර ඔබේ හැකියාවන් පෙන්වන්න.ඒ සදහා අපේ සුභ පැතුම්!