සම්පූර්ණයෙන්ම මෝටර් රථ තේමා කරගත් හෝටලයක් පිළිඹදව ජර්මනියෙන් වාර්තා වේ.
වී 8 () හෝටලය නම් වන මේ හෝටලය පිහිටා ඇත්තේ ජර්මනියේ ස්ටග්ටාර්ට් නගරයේය. දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන් භාවිතා කළ මගී පර්යන්ත ගොඩනැගිල්ලක කොටසක් හෝටලය ඉදිකිරීම සදහා යොදාගෙන තිබේ. පර්යන්ත ගොඩනැගිල්ලේ අනෙක් කොටසේ ඇත්තේ කෞතුගාගාරයක් වන අතර එයද මෝටර් රථ ලෝලීන්ටම ගැලපෙන්නකි.
අතීතයේ මොරිස් මයිනර සිට වර්තමානයේ දියුණූ තාක්ෂණයෙන් යුත් මර්සිඩීස් බෙන්ස් වැනි මෝටර් රථ ආදර්ශ කර ගනිමින් මේ හෝටලයේ කාමර නිමවා ඇත. ඇතැම් කාමර වල ඇඳන් මත සැතැපී සිටිනා විට දැනෙනුයේ තමන් සැබෑ ලෙසටම මෝටර් රථයක සිටිනවා සේය. කාමර අලංකරනයට භාවිතා කර ඇත්තේද සැබෑ මෝටර් රථ අමතර කොටස් හා උපාංගයන්ය.
හෝටලයේ බළධාරීන් පවසන්නේ හෝටලයට පැමිණෙන්නේ රථ ගාය ඇත්තන් පමණක්ම නොවන බවයි. කුඩා ළමුන්ගේ සිට විවිධ වයස් වල පුද්ගලයින් මේ නවමු අත්දැකීම විද ගැනීමට පැමිණෙන බව ඔවුන් කියයි.
1
රිෂාද් බදුයුදීන් ගෙන් ජනපති හදිසියේ කළ ඉල්ලීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දන්නා සිංහල එතරම් නොවෙති ගුණසේකර මහතා මෙය බලනු තුති අන්තිම වැකියෙ සුළු වරදක් වෙලා ඇති ඔවුහු කියති ව්‍යාකරණෙ යෙදිය යුති (ස)
අපිට හරිම සතුටුයි මෙහෙම හරි මේ විස්තර දැනගන්න හැකිවීම ගැන. (නි)
ලස්සනයි
අලුත් විදිහේ අත්දැකීමක් (දී)