ගිණිකොණදිග ජපානයට පෙරේදා (15) ඇදහැලූණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ හටගත් නායයෑම් හේතුවෙන් 25 දෙනකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති. කියුෂු දූපතේ පිහිටි යාමි සහ ෆුකෝකා ප‍්‍රදේශවල වැසියන් දහස් ගණනක් ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්ව ඇති බවත් ඔවුනට අවශ්‍ය ආහාර, ජලය සහ වෛද්‍ය සැපයුම් ගුවන් මඟින් ලබාදීමට ජපාන හමුදා නිලධාරීන් කටයුතු කරමින් සිටිබව ද වාර්තා වේ. ගංවතුරට හසුවූ ප‍්‍රදේශවල සිටින වැසියන් 2,000ක් පමණ මේ වන විට ඉවත් කර ගැනීමට හැකිවී ඇති අතර නාය යෑම් සහ ගස් කඩා වැටීම නිසා මාර්ග ඇහිරී ගොස් ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd