උතුරු කොරියාවේ මතභේදයට තුඩු දී ඇති රොකට්ටු වැඩසටහන හේතුවෙන් ජපානය සිය මිසයිල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව මිසයිල ආරක්ෂාව තර කිරීමේ මුල් පියවර ලෙස ප‍්‍රති ප‍්‍රහාර මිසයිල ටෝකියෝ නුවර ආශි‍්‍රතව ස්ථානගත කිරීමට ජපාන හමුදාව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පවසන්නේ උතුරු කොරියාව ගුවන් ගත කිරීමට සැරසෙන්නේ මිසයිලයක් බවය. නමුත් උතුරු කොරියාව ප‍්‍රකාශ කළේ එළැඹෙන අපේ‍්‍රල් 12 සහ 16 අතර කිම් ඉල් සුන්ගේ සියවස් සැමරුම නිමිත්තෙන් පර්යේෂණ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
ටෝකියෝ නගරයට ආසන්න ස්ථාන තුනක ප‍්‍රති ප‍්‍රහාර මිසයිල ස්ථාන ගත කර ඇති අතර නැගෙනහිර චීන මුහුදේ ප‍්‍රති ප‍්‍රහාර මිසයිල සහිත ප‍්‍රහාරක නෞකා ස්ථාන ගත කර ඇතැයි ද ජපාන ආරක්ෂක අංශ පවසයි.
යම් කිසි අයුරකින් උතුරු කොරියානු රොකට්ටුව ජපානයට තර්ජනයක් වන බව දැනුනහොත් එයට පහර දී බිම හෙළීමට ජපාන අගමැති යොෂිහිකෝ නොඩා එරට හමුදාවට අණ දී ඇතැයි ජපාන මාධ්‍ය පවසයි.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානය ටෝකියෝ නුවර මිසයිල ආරක්ෂාව තරකරයි