IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා

ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය.

අනතුර සිදුවූයේ ගුවන්තොටුපොළට ගොඩබෑමට පැමිණි එයාර් බස් 350 වර්ගයේ මගී ගුවන් යානයක්, ගුවන් පථයේ පිටත් වීමට සූදානම් වූ ජපාන වෙරළාරක්ෂක නිලධාරීන්ට අයත් මගී ගුවන් යානයක ගැටීමෙනි.

මගී ගුවන් යානය, රට අභ්‍යන්තර ගුවන් යානයකි. එය හොකයිඩෝ සැපරෝ නුවර සිට හෙනෙඩා ගුවන් තොටුපොළට පැමිණියේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 379 දෙනකු සමඟය.

මගී ගුවන් යානයේ ගැටීමෙන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ ගුවන් යානය පිපිරී ගිනි ගත්තේය. මගී ගුවන් යානය ද ගිනි ගත් බව පැවැසෙයි.

වෙරළාරක්ෂක නිලධාරීන්ගේ යානයේ සිටි නිලධාරීන් පස් දෙනා ජීවිතක්ෂයට පත්වූ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ. එම නිලධාරීන්, භූමි කම්පාවෙන් විපතට පත්වුණු වැසියන්ට ආධාර රැගෙන හෙනෙඩා ගුවන් තොටුපොළෙන් පිටත් වීමට සූදානමින් සිට ඇත.

ගුවන්තොටුපොළ බලධාරීන් සහ ගිනි නිවන භටයන් වහා ක්‍රියාත්මක වී මගී ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු සියලු දෙනා බේරාගත් බවත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවත් ජපන් මාධ්‍ය පැවැසීය.

අනතුරින් පසු හෙනෙඩා ගුවන් තොටුපොළේ සියලු ගුවන් පථ වසා දැමුණු අතර, ගුවන් තොටුපොළට පැණෙන්න වූ සියලු ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවුණි.

අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත.

Daily Mail



අදහස් (0)

ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site