IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජපාන මහමැතිවරණයෙන් විපක්ෂයට ‘විශිෂ්ට ජයක්’

ජපාන මහමැතිවරණය ඊයේ(16) පැවැත්වුණු අතර ඉන් ජය ගැනීමට කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයට හැකි වූ බව ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසාන වන විට කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයට ආසන 275ත් 310ත් අතර සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිව ඇති බව එන්.එච්.කේ රූපවාහිනිය පවසයි. ජපාන පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ සමස්ත ආසන සංඛ්‍යාව 480ක් වන අතර ඉන් 55ත් 77ත් අතර සංඛ්‍යාවක් දිනා ගැනීමට ජනපති යොෂිහිකො නොඩාගේ පාලක ඩිමොක‍්‍රටික් පක්ෂයට හැකියාව ලැබී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ සන්ධාන පක්ෂයක් වන නිව් කොමීටෝ පක්ෂය ද ආසන 25කට වැඩි සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කර ඇති බව පවසන එන්.එච්.කේ රූපවාහිනිය එම සන්ධානයට තුනෙන් දෙකක බහුතරයක් හිමි කර ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බව ද සඳහන් කළේය. කොන්සවටිව් පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු ජපන් අගමැතිවරයකු වන ෂින්සො අබේය. ඒ අනුව අඩසියවසක කාලයක් තිස්සේ අඛණ්ඩව බලයේ සිට මීට වසර තුනකට පෙර බලය අහිමි වූ කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයට නැවත බලයට පැමිණීමට හැකි වනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

ජපාන මහමැතිවරණයෙන් විපක්ෂයට ‘විශිෂ්ට ජයක්’

අජිත් Tuesday, 18 December 2012 08:14 PM

විපක්ෂයේ කියද්දී අහන්නත් සතුටුයි. හැබෑටම ලංකාවේ මෙහෙම වෙන එකක් නැද්ද? (නි)

:       0       0

අචිනි Wednesday, 19 December 2012 09:29 AM

බුද්ධිමත් ජපන් ජනතාවට මගේ උත්තමාචාරය .! (ස)

:       0       0

තිලක් Tuesday, 18 December 2012 10:00 AM

අපේ රටටත් මෙහෙම වනවානම් හොඳා (ස)

:       0       0

ගිහාන් Monday, 17 December 2012 03:01 PM

කවුරු දිනුවත් ජපනා ජපනමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site