ජපාන මහමැතිවරණය ඊයේ(16) පැවැත්වුණු අතර ඉන් ජය ගැනීමට කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයට හැකි වූ බව ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසාන වන විට කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයට ආසන 275ත් 310ත් අතර සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිව ඇති බව එන්.එච්.කේ රූපවාහිනිය පවසයි. ජපාන පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ සමස්ත ආසන සංඛ්‍යාව 480ක් වන අතර ඉන් 55ත් 77ත් අතර සංඛ්‍යාවක් දිනා ගැනීමට ජනපති යොෂිහිකො නොඩාගේ පාලක ඩිමොක‍්‍රටික් පක්ෂයට හැකියාව ලැබී ඇති බව ද වාර්තා වේ. එමෙන්ම කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයේ සන්ධාන පක්ෂයක් වන නිව් කොමීටෝ පක්ෂය ද ආසන 25කට වැඩි සංඛ්‍යාවක් ජයග‍්‍රහණය කර ඇති බව පවසන එන්.එච්.කේ රූපවාහිනිය එම සන්ධානයට තුනෙන් දෙකක බහුතරයක් හිමි කර ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බව ද සඳහන් කළේය. කොන්සවටිව් පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු ජපන් අගමැතිවරයකු වන ෂින්සො අබේය. ඒ අනුව අඩසියවසක කාලයක් තිස්සේ අඛණ්ඩව බලයේ සිට මීට වසර තුනකට පෙර බලය අහිමි වූ කොන්සවටිව් ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂයට නැවත බලයට පැමිණීමට හැකි වනු ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ කියද්දී අහන්නත් සතුටුයි. හැබෑටම ලංකාවේ මෙහෙම වෙන එකක් නැද්ද? (නි)
බුද්ධිමත් ජපන් ජනතාවට මගේ උත්තමාචාරය .! (ස)
අපේ රටටත් මෙහෙම වනවානම් හොඳා (ස)
කවුරු දිනුවත් ජපනා ජපනමයි (ස)