IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා ධුරයෙන් සමුගන්න සූදානම්

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද තමන් ඉවත් වීමට තීරණය කළ බව ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ටෝකියෝ අගනුවර දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නව පක්ෂ නායකයකු තෝරා ගැනීමට එලැඹෙන සැප්තැම්බරයේ ඡන්දයක් පැවැත්වීමට නියමිත අතර, යළි පක්ෂ නායකත්වය තමන් අපේක්ෂා නොකරන බව අග්‍රාමාත්‍ය කිෂිඩා පැහැදිලි කර තිබේ.

තමන් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් වුවත්, පක්ෂයටත් පක්ෂයේ නව නායකයාටත් පූර්ණ සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය කිෂිඩා එම මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

67 හැවිරිදි කිෂිඩා ජපන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය හොබවන්නේත් 2021 වසරේ සිටය. 2012 සිට 2017 තෙක් කාලයේ ජපනි විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද කිෂිඩාය. 2017 දී කිෂිඩා ජපාන ආරක්ෂක අමාත්‍ය ධුරය ද හෙබවීය.



අදහස් (4)

ජපන් අග්‍රාමාත්‍ය කිෂිඩා ධුරයෙන් සමුගන්න සූදානම්

මරා Wednesday, 14 August 2024 11:30 AM

ලෝ ඩිග්‍රිය පාස් කරවපු පුතෙක් නැත්ද දන්නේ නෑ? නායකත්වයට දාන්න

:       6       19

Soma dubayi Wednesday, 14 August 2024 01:19 PM

කිෂිඩා මැතිතුමනි. ඔබ කළ සේවයට අපේ ආචාරය.

:       1       8

ජනරළ Wednesday, 14 August 2024 02:06 PM

ජපානය දියුණු වෙලා ලෝක බලවතෙක් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ. ඒ රටවල නායකයෝ පත් වුණාම රටට කරන්නන ඕනි කාර්යය භාරය මොකක්ද කියලා හරියටම දන්නවා වගේම නියමිත සේවය අවංකව නිවැරදිව කරලා නියමිත වෙලාවට කාලයට තනතුරෙන් ඉවත්වෙලා යනවා. ගිහින් වෙනත් ප්‍රයෝජනවත් රාජකාරියක් කරනවා නැත්නම් නිදහසේ සතුටින් විශ්‍රාම සුවයෙන් ඉන්නවා.. ඒ මිනිස්සු හොඳ අවංක උගත්තු වගේම ඒ රටේ ජනතාවට ආදර්ශ මත් නායකයෝ විදියට කටයුතු කරනවා. ඔන්න ඒකට අපේ රටට වෙලා තියෙන කරුම සාපේ. අපේ අයට නම් දේශපාලනයට ආවාට පස්සේ යන එක නම් බොරු.. කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම හොර කමක්ම දූෂණයක්ම කරනවා. දැන් අවුරුදු තිහ හතලිහක් තිස්සේ ඉන්නවා. රටට හොඳක් නෙමේ කරන්නේ හැම විනාශයක්ම කරලා ලෝකෙටම හිඟන රටක් ඉතුරු කලා. ඒත් දිගටම ඉන්නමයි හිතන්නේ. හැම උප්පරවැට්ටියක්ම දානවා බලයේ ඉන්න. මොකද ගීයොත් දන්නවා කල හොරකම් පස්සෙන් එන වග. හොඳට අත්දැකීම් තියන්නේ තමන්ට නිසා දිගටම බලය දෙන්නලු... නැත්නම් පුතාට දුවට පවුලේ අයට බලය දෙන්නලු. මේ රට මේ සම්මජාතියේ හැදෙන්නේ නැහැ මොවුන්ගෙන් ගැලවිලා සුද්ධ වෙනකම්...!

:       1       5

bara Wednesday, 14 August 2024 03:11 PM

ගියා නොමෙයි.. එලෙව්වා.. මෙයාගේ හිටියා නාමල් බේබි කෙනෙක් පිස්සු කෙලන් පුද්ගලික ලේකම් වෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 107 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site