තමා වෙත වැඩි බලතල පවරා ගැනීමට ගත් තීන්දුව අත්හිටුවීමට තීරණය කළ බව ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා(8) කයිරෝ නුවර මාධ්‍ය හමුවකදී පැවැසීය. ජනපති මොර්සි අධිකරණය පවා අභියෝගයට ලක් කිරීමට හැකියාව ලැබෙන ආකාරයේ බලතල තමා යටතට පත් කර ගත් අතර එය දේශපාලන විශ්ලේෂකයන් හැඳින්වූයේ ඒකාධිපතියකු විසින් සිදු කළ බලය පවරා ගැනීමක් ලෙසයි. මොර්සි විසින් මෙම කි‍්‍රයාමාර්ගය ගනු ලැබුවේ නොවැම්බර් මස 22 දාය. මේ අතර ජනාධිපතිවරයාට වැඩි බලතල ලැබෙන සේ කෙටුම්පත් කෙරුණු ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඊජිප්තු රජයේ දේශපාලන නියෝජිතයන් කටයුතු කරමින් සිටින බව ජනපති මොර්සිගේ මාධ්‍ය ප‍්‍රකාශක සෙලිම් අල් අවා පැවැසීය. මෙලෙස සිය බලතල හකුලා ගැනීමට ජනාධිපතිවරයා පෙළඹවීමට හේතු වූයේ ඒ සම්බන්ධයෙන් මතු වූ ජනතා විරෝධයයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd