IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති මුගාබේ පරාජය කරනවා: ප‍්‍රතිවාදී ස්වංගිරාගෙන් අභියෝගයක්

සිම්බාබ්වේ ජනපතිවරණය ඊයේ (31) ආරම්භ වූ අතර, වසර 33 ක් බලයේ රැුඳී සිටින ජනපති රොබට් මුගාබේ මෙවර කෙසේ හෝ පරාජය කරන බවට ප‍්‍රතිවාදී අපේක්ෂක මෙන්ම අගමැතිවරයා ලෙස ද කටයුතු කරන මෝගන් ස්වංගිරායි පවසා ඇත.
61 හැවිරිදි ස්වංගිරායි, එරට විපක්ෂ නායකයා ද වෙයි. ඔහු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස’ නමැති පක්ෂයේ නායකයාය.


ජනාධිපතිවරණය ඊයේ උදෑසන ආරම්භ වූ අතර ඡුන්ද ගණන් කිරීමේ කටයුතු අද (1) දින ද සිදුවෙනු ඇතැයි සිම්බාබ්වේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.


බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සිම්බාබ්බේ රාජ්‍යයට නිදහස ලැබුණේ 1980 වසරේදීය. එදා සිට මේ දක්වා රට පාලනය කරන්නේ මුගාබේ සහ ඔහුගේ පක්ෂයයි.
අපි‍්‍රකා රාජ්‍යයක දීර්ඝ කාලයක් පාලනයේ සිටින එකම ජනාධිපතිවරයා ද රොබට් මුගාබේ ය.
සිම්බාබ්වේ රාජ්‍යයේ අවසන් වරට මැතිවරණයක් පැවැත් වුණේ 2008 වසරේදීය. එම මැතිවරණයේ පළමු වටයේදී ස්වංගිරායි ජයග‍්‍රහණය කළේය. එහෙත් මුගාබේ සහ ඔහුගේ පාලක පක්ෂය එම ඡන්ද ප‍්‍රතිඵල පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.


මැතිවරණයේ දෙවැනි වටයෙන් මුගාබේ ජය හිමිකර ගත්තේය. ඒ අනුව දිගටම බලයේ රැඳී සිටීමට මුගාබේට හැකිවිණි.
ස්වංගිරායි කියා සිටියේ එම ඡුන්ද ප‍්‍රතිඵලය පිළිගත නොහැකි බවය. එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර රටවල් ද සහාය දුන්නේ විපක්ෂ නායක ස්වංගිරායිටය.


ඒ අනුව 2008 වසරේ දී, මාස ගණනාවක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍යයේ පැවැති දේශපාලන අර්බුදය සමතයකට පත් වූයේ විපක්ෂය සමඟ බලය බෙදා ගැනීමට 89 හැවිරිදි මුගාබේ ඔහුගේ පක්ෂය සමත් වීමෙන් පසුවය.



අදහස් (0)

ජනපති මුගාබේ පරාජය කරනවා: ප‍්‍රතිවාදී ස්වංගිරාගෙන් අභියෝගයක්

විරාජ් කාලිංග Thursday, 01 August 2013 10:46 PM

අපේ රට ගමන් කරන්නේ දැන් වැරදි දිශාවකටයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site