දෙවැනි ධුර කාලය සඳහා ජනවරමක් හිමි කරගත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය ආසියානු සංචාරය ආරම්භ කරමින් ඊයේ (18) තායිලන්තයට පැමිණියේය.
‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානයෙන් බැංකොක් නුවර ඩොන් මියන් ගුවන් තොටුපොළට පැමිණි ඇමෙරිකා ජනපතිවරයා හරසරින් මෙන්ම ඉතා උණුසුම් අයුරින් ද පිළිගැනීමට තායිලන්ත ජනපතිනි යිංග්ලක් ෂිනවත‍්‍රා කටයුතු කර තිබිණි.
තායිලන්ත සංචාරයෙන් අනතුරුව ජනපති ඔබාමා මියන්මාරයේ සංචාරය කරයි. ඇමෙරිකානු ජනපතිවරයකු මියන්මාරයට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ජනපති ඔබාමාගේ මෙම සංචාරය ඓතිහාසික එකක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඇමෙරිකා රජය තවමත් මියන්මාරය හඳුන්වන්නේ ඔවුන් භාවිත කළ පැරැණි නම වන බුරුමය ලෙසිනි.
මෙම සංචාරයේ දී ජනපති ඔබාමා මියන්මාර ජනපති සහ මියන්මාර රජය සමඟ සාකච්ඡා කර ද්වීපාර්ශ්වික රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙයි.
ජනපති ත්වෙන් ස්වෙන් හමුවීමෙන් පසු ඔබාමා සහ මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී අතරේ ද විශේෂ හමුවක් පැවැත්වේ.
මියන්මාරයේ සිවිල් රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට යොමු වී ඇති අතර ඔවුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා ඇමෙරිකාවේ ප‍්‍රසංශාවට ලක් වී සිටී.
ඇමෙරිකාව මේ වනවිට මියන්මාරයට පනවා තිබුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ලිහිල් කර ඇත. ජනපති ඔබාමාගේ මෙම මියන්මාර සංචාරයෙන් පසු එම සම්බාධක ඉවත් කර ගැනීමට හැකි වනු ඇතැයි මියන්මාර රජයේ අපේක්ෂාව වී ඇත.
ඇමෙරිකාව මියන්මාරයට එම සම්බාධක පැනැවූයේ 1990 දශකයේ මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති සමයේදීය. සූ කී වසර 15 ක් නිවාස අඩස්සියේ තැබුවේ ද එම හමුදා රජයයි.
2010 වසරේ මහ මැතිවරණයෙන් පසුව මියන්මාරයේ සිවිල් රජයක් පිහිටුවූ අතර හමුදා නායකයන් හමුදා ධුරවලින් සමුගෙන එම රජයට නායකත්වය දෙයි. වත්මන් ජනපති ත්වෙන් ස්වෙන් ද හිටපු හමුදා නායකයෙකි.
නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ අදියර කීපයකින් ඉදිරිපත් කරමින් ඒවා නිසි ලෙස ති‍්‍රයාත්මක කළ අතර සූ කීට මියන්මාර රජයේ මන්තී‍්‍රවරියක වීමට අවස්ථාවක් ලැබුණේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ අනුව පැවැති අතුරු මැතිවරණයකදීය. ඊට අමතරව දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, මාධ්‍ය නිදහසට ඉඩ දීම ද සිදුවුණේ එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ හරහාය.
මියන්මාරයේ මේ දිනවල පවතින ආගමික ගැටුම්වලට කඩිනමින් විසඳුම් සෙවීමට මියන්මාර රජය සමඟ ජනපති ඔබාමා සාකච්ඡුා කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.
දෙදින මියන්මාර සංචාරයෙන් පසුව ඔබාමා කාම්බෝජයේ ද සංචාරය කරමින් එම රටවල් සමඟ ද රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා තර කර ගැනීමට නියමිතය.
ජනපති ඔබාමාගේ අරමුණ වී ඇත්තේ ආසියා කලාපීය රටවල තම බලය පතුරුවා ගැනීමට යැයි චීනයත් උතුරු කොරියාවත් චෝදනා කරයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිලරි පන්සලුත් යනව ද දැන්නෑ. පරිස්සම් වෙන්න ඕනේ. තායි ජනතාව දැන්. (අ)
සාදරයෙන් පිලි ගන්නවා
සන්තෝසයි
ආසියාතික රටවල් තම අනසකට නතුකර ගැනීමේ පියවරක් , යටි අරමුණ චීනයේ නැගිටීම කඩා දැමීමයි .සමාජවාදී රටවල් ආරක්ෂා කරගත යතුයි .(ස)
ඒ අය පන්සල් විතරක් නොවෙයි මහනදම්පුරන්න උනත් ඉදිරිපත් වෙයි ඒ අයගේ වාසියට. (ස)
මියන්මාරයේ රංතරන් තිබෙන බවට කසුකුසුවක් තිබෙනවා. ඒ රටට යන්නේ යමි කිසි හේතුවක් ඇතිවයි. (ස)
ඔබාමට ලංකාවට එන්න හිතක් නැද්ද (ස)
සහයෝගය වර්ධනය කිරීමක් (දී)
ආපු එකේ බලන්න වටින හැමදෙයක්ම බලලාම යන්න. (නි)
අපේ රටටත් එනවා නියම අය (ස)