IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති බැරැක් ඔබාමා ඊශ‍්‍රායලයේ සංචාරයක

දෙවැනි වරට ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ජනපති බැරැක් ඔබාමා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ(20) ඊශ‍්‍රායලයට පැමිණියේය.
‘එයා ෆෝස් වන්’ නමැති සිය නිල ගුවන් යානයෙන් ඊශ‍්‍රායලය වෙත පැමිණි ජනාධිපති ඔබාමා, සිරියාව හා ඉරානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලූ පිළිබඳ ඊශ‍්‍රායල ජනපති බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටී.
ඊශ‍්‍රායල සංචාරයෙන් අනතුරුව ජනපති ඔබාමා බටහිර ඉවුරේ සිටින පලස්තීන නායකයන්ද හමු වීමට නියමිතය. අනතුරුව ජනාධිපතිවරයා රාජතාන්ති‍්‍රක සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ජෝර්දානයේ සංචාරය කිරීමට ද නියමිතව සිටින බව ධවල මන්දිරය ප‍්‍රකාශ කරයි.
සිය සංචාරයේදී ඊශ‍්‍රායල හා පලස්තීන නායකයන් හමු වී දෙරට අතර පවත්නා ගැටලූවලට සවන් දීමට ජනපති ඔබාමා අපේක්ෂා කරන බවත් සාම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරනු ඇති බවත් ඊශ‍්‍රායල රජය පවසයි.
ඊශ‍්‍රායල නව රජය බලයට පැමිණීමෙන් පසුව එරටට පැමිණෙන පළමු වැනි රාජ්‍ය නායකයා ද ජනපති ඔබාමාය. ඇමෙරිකා ජනාධිපතිගේ මෙම සංචාරය සඳහා ඊශ‍්‍රායල රජය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බව වාර්තා වේ. 

ඊශ‍්‍රායලයට පැමිණි ජනපති ඔබාමා(මැද), එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු(දකුණේ) සහ ජනපති සිමොන් පෙරේස් (වමේ)සමඟ...

 



අදහස් (0)

ජනපති බැරැක් ඔබාමා ඊශ‍්‍රායලයේ සංචාරයක

අමිල Friday, 22 March 2013 09:50 PM

නියමයි .. ඔබතුමාට ජය (දී)

:       0       0

රසිකා Thursday, 21 March 2013 11:52 AM

ඊශ්‍රායලය නිදහස් නිවහල් රාජ්‍යයක් ලෙස දිනෙන් දිනම දියුණුවට පත්වේවා! (නි)

:       0       0

අනුර Friday, 22 March 2013 03:01 PM

බලාගෙන ජිනීවා ගෙනියාවි , ඔබාමට යන්න් ලෝකයක් නැති වෙයි මෙහෙම ගියොත් (ස)

:       0       0

දාවිද් Friday, 22 March 2013 03:43 PM

ඇවිලුනු ගිනි දැල් නිවි නිවි යද්‍දී ඔබමට හමුවූවා...(ස)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 11:42 PM

ප්‍රබල තුස්තවාදින්ගේ හමුවීමක්.(නදී)

:       0       0

ගාමිණී Thursday, 21 March 2013 03:05 PM

බලාගෙනයි ඊශ්‍රායලයෙත් යුද ගිනි අවුළුවයි.(නදී)

:       0       0

මධුර Thursday, 21 March 2013 08:46 AM

පරිස්සමෙන් මහත්තයෝ (දී)

:       0       0

පහන් Friday, 22 March 2013 01:35 AM

ඇමෙරිකානු ධජයේ 51 වැනි තරුව ඊශ්රයලයයි .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site