දෙවැනි වරට ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ජනපති බැරැක් ඔබාමා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ(20) ඊශ‍්‍රායලයට පැමිණියේය.
‘එයා ෆෝස් වන්’ නමැති සිය නිල ගුවන් යානයෙන් ඊශ‍්‍රායලය වෙත පැමිණි ජනාධිපති ඔබාමා, සිරියාව හා ඉරානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලූ පිළිබඳ ඊශ‍්‍රායල ජනපති බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටී.
ඊශ‍්‍රායල සංචාරයෙන් අනතුරුව ජනපති ඔබාමා බටහිර ඉවුරේ සිටින පලස්තීන නායකයන්ද හමු වීමට නියමිතය. අනතුරුව ජනාධිපතිවරයා රාජතාන්ති‍්‍රක සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ජෝර්දානයේ සංචාරය කිරීමට ද නියමිතව සිටින බව ධවල මන්දිරය ප‍්‍රකාශ කරයි.
සිය සංචාරයේදී ඊශ‍්‍රායල හා පලස්තීන නායකයන් හමු වී දෙරට අතර පවත්නා ගැටලූවලට සවන් දීමට ජනපති ඔබාමා අපේක්ෂා කරන බවත් සාම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකරනු ඇති බවත් ඊශ‍්‍රායල රජය පවසයි.
ඊශ‍්‍රායල නව රජය බලයට පැමිණීමෙන් පසුව එරටට පැමිණෙන පළමු වැනි රාජ්‍ය නායකයා ද ජනපති ඔබාමාය. ඇමෙරිකා ජනාධිපතිගේ මෙම සංචාරය සඳහා ඊශ‍්‍රායල රජය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බව වාර්තා වේ.
|
ඊශ‍්‍රායලයට පැමිණි ජනපති ඔබාමා(මැද), එරට අගමැති බෙන්ජමින් නෙදන්යාහු(දකුණේ) සහ ජනපති සිමොන් පෙරේස් (වමේ)සමඟ... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි .. ඔබතුමාට ජය (දී)
ඊශ්රායලය නිදහස් නිවහල් රාජ්‍යයක් ලෙස දිනෙන් දිනම දියුණුවට පත්වේවා! (නි)
බලාගෙන ජිනීවා ගෙනියාවි , ඔබාමට යන්න් ලෝකයක් නැති වෙයි මෙහෙම ගියොත් (ස)
ඇවිලුනු ගිනි දැල් නිවි නිවි යද්‍දී ඔබමට හමුවූවා...(ස)
ප්‍රබල තුස්තවාදින්ගේ හමුවීමක්.(නදී)
බලාගෙනයි ඊශ්‍රායලයෙත් යුද ගිනි අවුළුවයි.(නදී)
පරිස්සමෙන් මහත්තයෝ (දී)
ඇමෙරිකානු ධජයේ 51 වැනි තරුව ඊශ්රයලයයි .(නදී)