රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනයට එරෙහිව එරට විපක්ෂ කි‍්‍රයාකාරීහු දහස් ගණනක් මොස්කව් නුවර දැවැන්ත විරෝධතාවක ඊයේ(16) නිරත වූහ. රතු පැහැති සමාජවාදයේ සංකේත සහිත ධජ රැුගත් විරෝධකරුවන් අවධාරණය කර සිටියේ ‘සමානත්වය’, මනුෂ්‍යත්වයේ නාමයෙන් සමානත්වය රුසියා සමාජයට අවශ්‍ය බවයි. මීට අමතරව පීටර්ස්බර්ග් වැසියන් පිරිසක්ද විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ. පුටින්ට විරෝධය පළ කරමින් රුසියාවේ ඔතොඩොක්ස් පල්ලියකදී ගී ගැයූ පුසි රයට් සංගීත කණ්ඩායමේ සාමාජිකාවන් දෙවසරකට සිරගෙට යැවීමෙන් පසුව ඇරඹි දැවැන්තම විරෝධතාවය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ජනපති පුටින්ගේ පාලනයට විරුද්ධ උද්ඝෝෂණ මේ වසර මුල සිටම මොස්කව් නුවරදී විපක්ෂ කි‍්‍රයාකාරීන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. ජනපති පුටින්ට එරෙහිව රුසියාවේ ඇති වී තිබෙන විරෝධතා බටහිර මාධ්‍ය මඟින් අනවශ්‍ය ලෙස ඉස්මතු කර පෙන්වන බවත් එහි මූලික අරමුණ ජනපති පුටින්ගේ පාලනය පෙරළා දමා බටහිර රටවලට හිතවත් පාලනතන්ත‍්‍රයක් රුසියාවේ පිහිටුවීම බවත් විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනපති පුටින්ට එරෙහිව මොස්කව් නුවර විරෝධතා
රාජා Monday, 17 September 2012 05:50 PM
බටහිර රටවලට ඕනෑ එයාලට අවශ්‍ය අන්දමට නටන කෙනෙක්ව බලයට ගේන්න. අපේ රටේ වගේම රුසියාවෙත් ඩොලර් කපුටෝ ඉන්නවා වගේ. (නි)