IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති පුටින්ට ඇමෙරිකාවෙන් විරෝධය

ඇමෙරිකාව අයථා ක‍්‍රම මගින් රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලටත් එරට දේශපාලනයටත් කරන ඇඟිලි ගැසීම් නැවැත්වීමේ අරමුණින්, රුසියානු පාර්ලිමේන්තුව සම්මත කර ගත් පනත් දෙකකට එරට ජනපති ව්ලැඞ්මීර් පුටින් අස්සන් තැබීම ඇමෙරිකාවේ කනස්සල්ල පළ වී ඇත.
රුසියානු පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම පනත් දෙකේ අරමුණ රුසියානු දරුවන් හදාවඩා ගැනීම ඇමෙරිකානුවන්ට තහනම් කිරීම සහ ඇමෙරිකානු ආධාර ලබමින් රුසියාවේ කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව තහංචි පැනැවීමය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ප‍්‍රකාශක පැට්ටි‍්‍රක් වෙන්ටේ‍්‍රල් පැවැසුවේ රුසියානු ජනපති පුටින් එම පනත් දෙකට අස්සන් තැබීම ගැන ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කරන බවත් ජනපති පුටින් එම තීරණය ගෙන ඇත්තේ දේශපාලන පෙළඹවීම් මත බවත්ය.



අදහස් (0)

ජනපති පුටින්ට ඇමෙරිකාවෙන් විරෝධය

ෂිරාස් Monday, 31 December 2012 01:57 PM

ඉතාමත් හොඳ තීරණයක් (ස)

:       0       0

රාජ් Monday, 31 December 2012 02:33 PM

පූටින් මොනවා වුණත් ‍මොළය කල්පනා කරලා වැඩ කරලා නම් තියෙනවා. (නි)

:       0       0

සම්පත් Monday, 31 December 2012 03:07 PM

පූටින් මහත්තයා කරලා තියෙන්නේ බොහොම හොද වැඩක් තමයි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 03:09 PM

අපිත් විරුද්ධයි තමයි අපේ කොල්ලෝ ටික හිරකරගෙන ඉන්නවට. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Monday, 31 December 2012 04:27 PM

ඇමරිකාවේ කෙරුවාවල් තියෙන්නේ මහ පොළවේ නෙමෙයි, ඉහළ අහසේයි. (නි)

:       0       0

පුබුදු Tuesday, 01 January 2013 08:32 AM

පූටින් කියන්නේ කෙළින් වැඩකරන පුද්ගලයෙක්. ජය වේවා! (නි)

:       0       0

හේරත් Tuesday, 01 January 2013 11:01 AM

නම වගේම, පුට් ඉන් සර්. ඩෝන්ට් පුට් අවුට්. (නි)

:       0       0

රාජා Tuesday, 01 January 2013 11:19 AM

ඉතාම හොද තීරණයක්. අනික් රටවලුත් කල යුත්තේ ජනාධිපති පුටින් මහතාව අනුගමනය කිරීමයි. පුටින්ට ජයවේවා!!!!!(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site