කියුබාවේ හවානා නුවරදී සැත්කමකට භාජන කෙරුණු වෙනිසියුලා නායක හියුගෝ චාවේස්ගේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්නැයි වෙනිසියුලානු ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය රජයට බල කර සිටී.
චාවේස් පිළිකා රෝගියකු බව හඳුනා ගැනුණේ ඉකුත් වසර මුලදීය. ඔහු ඉන්පසු අවස්ථා කිහිපයකදී කියුබාවට ගොස් ප‍්‍රතිකාර ලබා ගත්තේය.
මීට මාස කිහිපයකට පෙර පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජනවරමක් හිමි කර ගැනීමට සමත් වූ චාවේස් කියා සිටියේ පිළිකාව සමඟ සටන් කර ජය ගැනීමට තමන්ට හැකි වූ බවය. කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ඔහු යළි කියුබාවට ගියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ නිසාය.
මීළඟ ධුර කාලය සඳහා චාවේස් දිවුරුම් දීමට ඇත්තේ ලබන 10 වැනිදාය. විදෙස් පුවත් සේවා පවසන්නේ පසුගියදා සැත්කමට භාජන වූ චාවේස්ගේ තත්ත්වය බරපතළ බවය.
කෙසේ නමුත් වෙනිසියුලානු රජය පවසන්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවය. චාවේස්ගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය ගැන ජනතාවට හෙලි කරන්නැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය රජයට බල කර සිටින්නේ එහෙයිනි.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වය රටට හෙළිකරන්න