IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනපති ඕලන්ද්ට හිතවත් සමාජවාදී පක්ෂ ඉදිරියෙන්

ප‍්‍රංශයේ පෙරේදා (10) පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්ට පක්ෂ සමාජවාදී කණ්ඩායම් ඉදිරියට පැමිණ ඇති බව මෙතෙක් ප‍්‍රකාශිත ඡන්දවලින් පෙනී ගොස් ඇත. ආර්ථික අර්බුදයකට ලක් වී, ණය බර සහ විරැකියාව ඉහළ යමින් ඇති අවස්ථාවක පාර්ලිමේන්තුවේ බලය ජනපති  ඕලන්ද්ට හිමි වීම ඔහුට ලොකු වාසියක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිගේ මූල්‍ය ප‍්‍රතිපත්තිවලට විරෝධය පළ කිරීම සඳහා ජනතාව සමාජවාදී පක්ෂයට ඡන්දය දී ඇති බව පෙනී ගොස් ඇතැයි ද දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති. නිකලස් සාර්කෝසි නියෝජනය කළේ කොන්සවර්ටිව් පක්ෂයයි. මේ වනවිට නිකලස් සාර්කෝසිට එරෙහිව ද මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ද නියමිතය. ජනපති  ඕලන්ද් දිනෙන් දින ප‍්‍රංශ ජනතාව අතරේ ජනපි‍්‍රයත්වයට පත් වෙයි. ජනපති ධුරයට පත් වීමෙන් පසු ඔහු කළ පළමු කාර්යය වූයේ ඔහුගේත් ඇමැති මණ්ඩලයේත් වැටුප් කප්පාදු කිරීමයි. මැතිවරණ සමයේදී ඔහු දුන් ඡන්ද පොරොන්දුවකට අනුව මේ වසර නිමා වීමට පෙර ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ප‍්‍රංශ හමුදා යළි ගෙන්වා ගැනීමට ද ප‍්‍රංශ රජය සූදානම් වේ. 2017 වසර වෙද්දී ප‍්‍රංශයේ අයවැය පරතරය අඩු කිරීමටත් ආර්ථික සමතුලිතතාවක් ඇති කිරීමටත් ජනපති  ඕලන්ද් අපේක්ෂා කරයි. ජනපති  ඕලන්ද් ඡුන්දය ප‍්‍රකාශ කරමින් ...හිටපු ජනපති සාර්කෝසි සහ බිරිය කාර්ලා බෲනී ඡන්ද පොළට පැමිණෙමින් ...



අදහස් (0)

ජනපති ඕලන්ද්ට හිතවත් සමාජවාදී පක්ෂ ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site