IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපති ඔබාමාගේ මැද පෙරදිග සංචාරය අවසන්

මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරමින් ඊශ‍්‍රායලයේත්, පලස්තීනයේත් සංචාරයක යෙදුණු ඇමෙරිකානු ජනාධිපති ජනාධිපති බැරැක් ඔබාමා ජෝර්දානයෙන් සිය සංචාරය අවසන් කළේය.
ජෝර්දානයේ අබ්දුල්ලා රජු හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ජෝර්දානයට අමතර මුදල් ආධාර ලබා දීමට ද ජනපති ඔබාමා තීරණය කළේය.
ඇමෙරිකා ජනපතිවරයා ජෝර්දාන සංචාරය නිමා කළේ ඓතිහාසික වටිනාකමකින් යුත්, ලෝක උරුමයක් ලෙස ද සැලකෙන පෙට්රා නමැති පුරාණ නගරය නැරැඹීමට යෑමෙනි. නටඹුන් වී ඇති පෙට්රා නගරය සංචාරක ආකර්ෂණයකි.
ජෝර්දානයේ අම්මාන් අගනුවර සිට පෙට්රා බලා ඔබාමා ගියේ ඔහුගේ මෙරීන් 1 හෙලිකොප්ටරයෙනි.
ජනපති ඔබාමා මැදපෙරදිග සංචාරය ආරම්භ කරමින් ඊශ‍්‍රායලයට පැමිණියේ මීට සිව් දිනකට පෙරය. ඉන්පසු ඔහු පලස්තීනයේ සංචාඑය කළේය.
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සමඟත් පලස්තීන ජනපති මොහොමඞ් අබ්බාස් සමඟත් ජනපති ඔබාමා දීර්ග වශයෙන් සාකච්ඡුා කළේ මැදපෙරදිග අර්බුදයට සාමකාමී විසඳුම් ලබා දීම ගැනය. නව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඒ සඳහා යොමු කරන බව ද හෙතෙම එම අවස්ථාවේදී ඊශ‍්‍රායල අගමැතිට සහ පලස්තීන ජනපතිට පොරොන්දුවක් ලබා දුන්නේය.



අදහස් (0)

ජනපති ඔබාමාගේ මැද පෙරදිග සංචාරය අවසන්

සුජා Wednesday, 27 March 2013 11:51 PM

ලෝක උරුමයක් ලෙස ද සැලකෙන පෙට්රා නමැති පුරාණ නගරයේ කලදසාව කෙසේ වේවිද? (නි)

:       0       0

පද්මා Wednesday, 27 March 2013 10:39 AM

දන්න කෙනෙක් කරුණාකරලා මේක පැහැදිල කර දෙන්න. මුස්ලිම් රටවලට ගහන ඇමරිකාවට අපේ රටේ අය විරුද්ධයි නේද? හැබැයි අපේ අයත් මුස්ලිම් විරෝධියි. මේක පැටලිලි සහගතයි නේද?(නදී)

:       0       0

වසීම්-මොහොමඩ් Wednesday, 27 March 2013 11:35 AM

කව්ද කිවිවේ අපේ රට මුස්ලිම් විරෝධී කියලා. ඒක ඔය බටහිරින් සල්ලි අරන් තරන වැඩක්. ඕවා ගනන් ගන්න එපා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 803 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site