මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරමින් ඊශ‍්‍රායලයේත්, පලස්තීනයේත් සංචාරයක යෙදුණු ඇමෙරිකානු ජනාධිපති ජනාධිපති බැරැක් ඔබාමා ජෝර්දානයෙන් සිය සංචාරය අවසන් කළේය.
ජෝර්දානයේ අබ්දුල්ලා රජු හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, ජෝර්දානයට අමතර මුදල් ආධාර ලබා දීමට ද ජනපති ඔබාමා තීරණය කළේය.
ඇමෙරිකා ජනපතිවරයා ජෝර්දාන සංචාරය නිමා කළේ ඓතිහාසික වටිනාකමකින් යුත්, ලෝක උරුමයක් ලෙස ද සැලකෙන පෙට්රා නමැති පුරාණ නගරය නැරැඹීමට යෑමෙනි. නටඹුන් වී ඇති පෙට්රා නගරය සංචාරක ආකර්ෂණයකි.
ජෝර්දානයේ අම්මාන් අගනුවර සිට පෙට්රා බලා ඔබාමා ගියේ ඔහුගේ මෙරීන් 1 හෙලිකොප්ටරයෙනි.
ජනපති ඔබාමා මැදපෙරදිග සංචාරය ආරම්භ කරමින් ඊශ‍්‍රායලයට පැමිණියේ මීට සිව් දිනකට පෙරය. ඉන්පසු ඔහු පලස්තීනයේ සංචාඑය කළේය.
ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සමඟත් පලස්තීන ජනපති මොහොමඞ් අබ්බාස් සමඟත් ජනපති ඔබාමා දීර්ග වශයෙන් සාකච්ඡුා කළේ මැදපෙරදිග අර්බුදයට සාමකාමී විසඳුම් ලබා දීම ගැනය. නව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඒ සඳහා යොමු කරන බව ද හෙතෙම එම අවස්ථාවේදී ඊශ‍්‍රායල අගමැතිට සහ පලස්තීන ජනපතිට පොරොන්දුවක් ලබා දුන්නේය.