සිරියාවේ හූලා නගරයට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම බාර නොගන්නා බව එරට ජනපති බෂීර් අල් අසාද්ගේ රජය ප‍්‍රකාශ කිරීම ජාත්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර සිරියාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කර ගැනීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (28) විශේෂ හමුවක් පැවැත්වීය. පසුගිය සෙනසුරාදා (26) වැනිදා හූලා නගරයට එල්ල වූ ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් සහ වෙඩි තැබීම්වලින් 108 දෙනකු මියගොස්, 300 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය ගැන වාර්තා වූ සැණින් සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සාම නිරීක්ෂණ කණ්ඩායම හූලා නගරයට ගිය අතර නිරීක්ෂණ කණ්ඩායමේ නායක මේජර් ජනරාල් රොබට් මූඞ් කියා සිටියේ තමන්ට මහා සමූල ඝාතනයක් දකින්න ලැබුණු බවය. මියගිය පිරිස අතර කුඩා දරුවන් 40 කට වැඩි පිරිසක් සිටින බව ද ජනරාල් මූඞ් පැවැසීය. මරණ බොහොමයක් සිදුවී ඇත්තේ ෂෙල් වෙඩි ප‍්‍රහාර හේතුවෙන් බවත් සෙසු පිරිස වෙඩි ප‍්‍රහාරවලට ලක් ව ඇති බවත් ජනරාල් මූඞ් කීයේය. ජනතා විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන ජනපති අසාද්ගේ රජය ප‍්‍රකාශ කළේ හූලා නගරයට පහර දුන්නෝ කැරැලිකරුවන් සමඟ එක් වී සිටින අල් කයිඩා සටන්කාමීහු බවය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති අසාද්ගේ රජයට ජාත්‍යන්තරයේ අප‍්‍රසාදය