බටහිර අපි‍්‍රකාවට අයත් ඝානා රාජ්‍යයේ ජනාධිපති ජෝන් අටා මිල්ස්ගේ හදිසි අභාවයෙන් පසු ඔහු ගැන ජනතාව ශෝඛය පළ කරන අතරතුරේ මීළඟ ජනපතිවරණය ගැන ද ජනතාවගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 68 හැවිරිදි ජනපති මිල්ස් හදිසියේම රෝගාතුර වී මියගියේ ඉකුත් අඟහරුවාදා (24) ය. ඉන්පසු උප ජනාධිපති ජෝන් මහාමා (53) ජනපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. තෙල්, රන් සහ කොකෝවා නිෂ්පාදනය කරන රටක් වන ඝානාවේ ජනපතිවරයා කලූරිය කිරීමත් සමඟ එරට ද ‘අරාබි වසන්තයක්’ උදාවීමට තිබූ අවස්ථාව ජනතාව විසින් නවතා දමා ඇතැයි බටහිර පුවත් සේවා වාර්තා කරයි. රාජ්‍ය පෙරැුළි සිදුවූ කලාපයක පිහිටි රාජ්‍යයක් වන ඝානාවේ ටියුනීසියාවේ, ඊජිප්තුවේ හා ලිබියාවේ මෙන් කැරැලි ඇති නොවීමට ගැන ඝානා වැසියෝ සතුට පළ කරති. ඝානාවේ ජනාධිපතිවරණය මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ජනපතිවරණයට කවුරු ඉදිරිපත් වේවි දැයි යන්න ජනතාව අපේක්ෂා සහගතව බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් නව ජනපතිවරයා කවුරු වුවත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට හැකි වීම සැක සහිත යැයි දේශපාලන විචාරකයෝ පවසති.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd