බටහිර අපි‍්‍රකාවට අයත් ඝානා රාජ්‍යයේ ජනාධිපති ජෝන් අටා මිල්ස්ගේ හදිසි අභාවයෙන් පසු ඔහු ගැන ජනතාව ශෝඛය පළ කරන අතරතුරේ මීළඟ ජනපතිවරණය ගැන ද ජනතාවගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 68 හැවිරිදි ජනපති මිල්ස් හදිසියේම රෝගාතුර වී මියගියේ ඉකුත් අඟහරුවාදා (24) ය. ඉන්පසු උප ජනාධිපති ජෝන් මහාමා (53) ජනපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. තෙල්, රන් සහ කොකෝවා නිෂ්පාදනය කරන රටක් වන ඝානාවේ ජනපතිවරයා කලූරිය කිරීමත් සමඟ එරට ද ‘අරාබි වසන්තයක්’ උදාවීමට තිබූ අවස්ථාව ජනතාව විසින් නවතා දමා ඇතැයි බටහිර පුවත් සේවා වාර්තා කරයි. රාජ්‍ය පෙරැුළි සිදුවූ කලාපයක පිහිටි රාජ්‍යයක් වන ඝානාවේ ටියුනීසියාවේ, ඊජිප්තුවේ හා ලිබියාවේ මෙන් කැරැලි ඇති නොවීමට ගැන ඝානා වැසියෝ සතුට පළ කරති. ඝානාවේ ජනාධිපතිවරණය මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ජනපතිවරණයට කවුරු ඉදිරිපත් වේවි දැයි යන්න ජනතාව අපේක්ෂා සහගතව බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් නව ජනපතිවරයා කවුරු වුවත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට හැකි වීම සැක සහිත යැයි දේශපාලන විචාරකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති අභාවයේ ශෝකය මැද ඝානාවේ ඡන්ද උණුසුමක්