කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජනය වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයක පසු වූ වෙනිසියුලාවේ සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (18) යළි සිය රට පැමිණියේය.
තම ආදරණීය නායකයා යළි දැක ගැනීමට මිලියන හතරකට වැඩි පිරිසක් කැරකස් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට රැස්ව සිටියේ යැයි වෙනිසියුලානු පුවත් සේවා වාර්තා කර තිබුණි.
කියුබාවේ සිට විශේෂ ගුවන් යානයකින් 58 හැවිරිදි චාවේස්, කැරකස් නුවරට පැමිණියේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද සමඟය. කියුබාවේ දී ඔහුට ප‍්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් ද ඒ අතර සිටි බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
වෙනිසියුලාවේ පැමිණි පසු චාවේස් එරට හමුදා රෝහලකට ඇතුළත් කළ බව ද වාර්තා වේ. සම්පූර්ණ සුවය ලැබීමට නම් වෙනිසියුලානු නායකයාට තව සති කිහිපයක් රෝහල් ගතව සිටීමට සිදුවේවි වෛද්‍යවරුන් පැවැසූ බව වෙනිසියුලා උප ජනාධිපති නිකලස් මදුරෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.
චාවේස් ප‍්‍රතිකාර ගනිමින් සිටින කාලයේ වෙනිසියුලාවේ පාලන කටයුතු පැවැරී ඇත්තේ උප ජනපතිවරයාටය. ඒ, සඳහා චාවේස් විසින් ඔහුට බලය පවරා දීමක් ද සිදු කර ඇත.
චාවේස්, ඉතා සංකීර්ණ පිළිකා සැත්කමකට භාජන වූයේ ඉකුත් වසර අවසානයේදීය. එම සැත්කම අවදානම් එකක් විය. සැත්කමින් පසු චාවේස් පෙනහළු ආසාදනයකට ද ලක් වී ස්වසන අපහසුතාවකින් පෙළුණේය. එම අවස්ථාවේදී ඔහුව ස්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කෙරුණි. තවමත් චාවේස්ට කතා කිරීමට නොහැකි අතර, ඔහු ආහාර ගන්නේත් හුස්ම ගන්නේත් බටයක ආධාරයෙනි.
සැත්කමට භාජන වූ අවස්ථාවේදී වෙනිසියුලානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් කියා සිටියේ සැත්කමින් පසු චාවේස් මියගිය බවය. වෙනිසියුලානු රජය එය වසං කළ බවටද චෝදනා එල්ල විය.
චාවේස්ගේ අයපත් සෞඛ්‍ය තත්ත්වය ‘දඬමීමා’ කර ගනිමින් චාවේස්ට ලැබෙන ජනතා සහාය මත නිහඬව සිටින විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සහ කළේ ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන, අළු ගසා දමා නැගිටීමට යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දුන්හ.
විපක්ෂ දේශපාලන කණ්ඩායම් උසි ගන්වන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යැයි වෙනිසියුලා රජය චෝදනා කරන්න විය.
චාවේස්ගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය ජනතාවට හෙළි කිරීමට වෙනිසියුලා රජය කටයුතු කළේ විපක්ෂයෙන් එල්ල වූ චෝදනා හමුවේය. සැත්කමින් පසු මරණාසන්නව සිටි චාවේස්ගේ ජීවිතය බේරා ගැනීමට කියුබානු වෛද්‍යවරු සමත් වූහ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින යහපත් වන බව ද වෙනිසියුලා රජය ඉන්පසු නිවේදනය කළේය. පසුගියදා හවානා නුවර ප‍්‍රතිකාර ගන්නා චාවේස් බැලීමට ඔහුගේ දියණියන් දෙදෙනා ගිය අවස්ථාවේ ගත් ඡායාරූපද ප‍්‍රසිද්ධියට පත් කෙරුණි.
වෙනිසියුලාවේ ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයෙන්, යළිත් වරක් සය වසරක ධුර කාලයක් සඳහා විශිෂ්ඨ ජනවරමක් හිමි කර ගැනීමට චාවේස් සමත් විය.
නව ධුර කාලය සඳහා ඔහු ඉකුත් ජනවාරි 10 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබුණු නමුත් ඒ අවස්ථාවේ රෝහල් ගත ව සිටි නිසා මඟ හැරුණි.
එම අවස්ථාවේ වෙනිසියුලා පාර්ලිමේන්තු කතා නායක ඩියොස්ඩාඩෝ කබෙලෝ ප‍්‍රකාශ කළේ, ව්‍යවස්ථාවේ 231 වැනි පරිඡේඡ්දයට අනුව, චාවේස්ට පසු දිනෙක ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දිවුරුම් දීමට හැකි බවය. චාවේස්ගේ දිවුරුම් දීම කල් දැමීමට වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද අවසර හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකෙත්ක පහලවූ විශිෂ්ට නායකයෙක් (දී)
වීරවරයාණෙනි, මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
එතුමා කවදත් ජනතාව අතර ජනප්‍රියයි. (නි)
ඔබ ශේෂ්ට නායකයෙක්. ඔබට ඉක්මන් සුවය.(නදී)
නියම නායකයෙක්, ඔබට ඉක්මන් සුව.(නදී)
ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු (දී)
ලෝකෙටම ඔබ හොදම ආදර්ශයකි. (දී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (දී)
සුභපැතුම් ඔබට (දී)
විශිෂ්ට පුද්ගලයින් කිසිදා තනි නොවේ. (නි)
විශිෂ්ට නායකයෙක්, ඉක්මන්සුව (දී)
බලය ඇතත් නැතත් ජනතාව ඔහු සමගයි. ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
නැවතත් ජනතා සේවයට (දී)
බටහිර රටවල් වලට හිස නොනමන, බුද්ධිමත් ජනතාවක් නියෝජනය කරන ඔබ ලොව අග්‍රගණ්‍යයේ ජන නායකයෙකි. ඔබට නිරෝගී සුවය පතමි. (නි)
විශ්ෂ්ට නායකයෝ මැරෙන්නේ නැහැ. ඔහු ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ටතම නායකයෙක්.(නදී)
ජනතාව පෙල ගැසෙන්නේ නායකයගේ හොද කම නිසයි.(නදී)
මම නම් එයාට කැමති නැහැ. (නි)