එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (25) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ගැන ලෝක නායකයන්ගේ අවධානය යොමු විය. සමුළුවට සහභාගී වීමට ඇමෙරිකාවට පැමිණ සිටි ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් කියා සිටියේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවය. ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව ඉරානයට පහර දීමට සැරැසීම පැහැදිලිවම අන්තර් ජාතික නීති උල්ලංඝනය කිරීමක් යැයි ජනපතිවරයා පෙන්වා දුන්නේය. මේ අතර නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට සූදානමින් සිටි ඉරාන ඇමැතිවරුන් දෙදෙනකු ඇතුළු එරට නියෝජිතයන් 20 දෙනකුට ඇමෙරිකාවට පැමිණීමට වීසා ලබා නොදීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි ද වාර්තා විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යෑමට ඉරාන නියෝජිතයන් 160 දෙනකු ඇමෙරිකාවෙන් වීසා ඉල්ලා ඇති නමුත් 20 දෙනකුට වීසා ලබා නොදීමට ඇමෙරිකාව තීරණය කර ඇති බව අනාවරණය කළේ ඉරානයේ ෆාර්ස් පුවත් සේවයයි. ඉරාන නියෝජිතයන් 20 දෙනාගේ වීසා ප‍්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව කිසිදු ප‍්‍රකාශයක් කර නැත. කෙසේ නමුත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් ඇමෙරිකාව පැනැවූ සම්බාධක හේතුවෙන් බොහෝ ඉරාන නියෝජිතයන්ට සහ මැති ඇමැතිවරුන්ට ගුවන් ගමන් තහනම් වී ඇත. ඒ අනුව එම නියෝජිතයන් 20 දෙනාට වීසා දීම ඇමෙරිකාව ප‍්‍රතික්ෂේප කරන්න ඇතැයි ඉරානයේ ෆාර්ස් පුවත් සේවය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට පෙර සිරියාවේ අර්බුදය විසඳීමට පත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමී පෙරේදා (24* ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැුස්කර සිරියා අර්බුදය ගැන සාකච්ඡුා පැවැත්වීය. මාස 18 කට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය හේතුවෙන් මේ වනවිට 27,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටින බව හෙතෙම එම අවස්ථාවේදී අවධාරණය කළේය. සිරියානු ජනාධිපති අසාද් බලයේ රැඳී සිටින තාක් කල් සිරියානු අර්බුදය විසඳීමට නොහැකි බව මේ වනවිට පෙනී ගොස් ඇති බව අවධාරණය කළ බ‍්‍රහීමි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට රැස්වන ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සිරියා අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට ලෝක ප‍්‍රජාව එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බවය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ
ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර
පාප් ධුරයට තේරී පත්වුණු14 වැනි ලියෝ පාප්තුමාට විදෙස් නායකයන්ගෙන් උණුසුම් සුබ පැතුම් හිමිවී ඇත. 14 වැනි ලියෝ පාප්තුමා බවට පත්වූයේ ඇමෙරිකන් කාදිනල් රොබට
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජගත් මහ සමුළුවේ වැඩි අවධානය සිරියාවට - ඉරානයට
අමිල කටුනායක Wednesday, 26 September 2012 07:16 PM
මහ බලවතුන් සිරියාව විනාශ කර ඉරානය තවත් ඉරාකයක් කරන්න හදනවා. (නි)
රිස්මි Thursday, 27 September 2012 11:22 PM
ඔවු මධූ, ඔයාට මොළයක් තියෙනවනේ. (නි)
ෂෙරීෆ් Friday, 28 September 2012 01:29 AM
මුස්ලිම්වරුන්ට මුලු ලෝකයම බයවෙලා. (නි)
මධු Wednesday, 26 September 2012 10:17 PM
ඒකාධිපතියන්ව පන්නා දැමිය යුතුයි. (නි)
රැන්ඩි Saturday, 29 September 2012 02:57 PM
අනේ ඔවු. මුස්ලිම් කට්ටියට මුලු ලෝකයම බයයි. පවු. හිතන් ඉන්න තරම තමයි. (නි)
මධූ Wednesday, 26 September 2012 05:09 PM
තෙල් වලින් සල්ලි තිබුණට මොලේ කලඳක් නෑ වගේ.(ස)
නිමල් Saturday, 29 September 2012 02:29 AM
"මුස්ලිම්වරුන්ට මුලු ලෝකයම බයවෙලා." පුහ්හ්.... බය වෙන්නේ මොකෝ? බය නෙමේ අන්තිමයි. නාන්නේ නැහැ. දත් මදින්නේ නැහැ. (නි)