IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල හමාස් අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙසේ රැස්වූයේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

ඊශ්‍රායල හමාස් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 9,800 කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත් වී ඇතැයි පැවැසෙයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. ගොඩබිමින් සහ ගුවනින් එල්ල කරන එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වන බොහෝ දෙනා ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ය.

මීට පෙර අවස්ථා හතරකදී ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්විය.

සටන් නැවැත්වීමටත් සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායලයට බල කරමින් යෝජනා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.

ඒ සෑම යෝජනාවකටම ඇමෙරිකාව නිෂේධ බලය භාවිත කරමින් විරෝධය පළ කළේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණය නිවැරදි බවත් ඊට තමන්ගේ සහාය හිමිවන බවත් පෙන්වා දෙමිනි.



අදහස් (4)

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

යෝගා Monday, 06 November 2023 10:40 AM

හමාස් කියන්නේ කොටි වගේම ත්‍රස්තවාදීන්. ඔවුන්ව සහමුලින්ම විනාශ කරන්න ඕනෑ...

:       6       10

Hafeel Monday, 06 November 2023 02:01 PM

හමාස් සටන් කරන්නේ ඔවුන්ගේ නිජ භුමිය වෙනුවෙන්. නමුත් කොටි ත්‍රස්තවාදීන් සටන් කළේ රටෙන් කොටසක් කඩලා වෙනම රාජ්‍යයක් බිහි කරන්න...!

:       1       7

Nimal Monday, 06 November 2023 10:57 AM

ඇමෙරිකාව චණ්ඩියා වගේ හිටියට ළඟදීම කාගෙන් හරි හොඳ කෑමක් කනවා.

:       6       9

Sameera Monday, 06 November 2023 01:37 PM

කව්ද ඔය ගොන් කතාව කියල දුන්නෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site