මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ප‍්‍රදේශ රැසක් ඊයේ (17) මුළුමනින්ම ජලයෙන් යට වී දෛනික කටයුතු මුළුමණින්ම අඩපණ විය.
බලධාරීන් පැවැසුවේ මිලියන 20 ක ජනගහනයක් වාසය කරන ජාකර්තා නුනර මාර්ග අවහිර වී ගමනා ගමන කටයුතු අඩාල වූ බවත් නගරයේ විදුලි බල සැපැයුමට හානි සිදුවූ බවත්ය.
නිවාස රැසක් ජලයෙන් යටවී ඇති අතර 10,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇත. මේ වනවිට එම පිරිස සහන කඳවුරුවල රැඳී සිටින බව ද වාර්තා වේ.
හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් වසර දෙකක් වයසැති කුඩා දරුවකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන්දුනීසියා ජනපති සුසිලෝ බම්බන්ග් යුදොයෝනෝ විපතට පත්වූවන් ගැන සොයා බලමින්