වෙනිසියුලාවේ කැරකස් අගනුවර හමුදා ඇකඩමියේ තබා ඇති ජනාධිපති හියුගෝ චාවේස්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (07) ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණියහ. ඒ අතර රාජ්‍ය නායකයෝ බොහෝ දෙනෙක් ද වූහ.
චාවේස්ගේ අවසන් කටයුතු රාජ්‍ය සහ හමුදා ගෞරව සහිතව අද (08) පැවැත්වෙන බව එරට උප ජනපති නිකලස් මදුරෝ පවසා ඇත.
මේ වනවිට වෙනිසියුලාවේ සත් දින ශෝක කාලයක් ද ප‍්‍රකාශයට පත් කර ඇත. ජනතාවාදී අසහාය නායකයකු වන චාවේස්ගේ අභාවය හේතුවෙන් සෙසු ලතින් ඇමෙරිකා රටවලට ද ශෝක දින ප‍්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.
ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායකයන් වන ඊවෝ මොරාලේස්, කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඩස් පමණක් නොව චාවේස්ගේ සමීපතමයකු වන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ද චාවේස්ට අවසන් ගෞරව දැක්වීමට වෙනිසියුලාවට පැමිණියහ.
කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී යළි වෙනිසියුලාවට රැුගෙන ආ පසු චාවේස්, මියගිය බව වෙනිසියුලා රජය නිවේදනය කළේ ඉකුත් පස් වැනිදා සවසය. කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වී මාස දෙකකට ආසන්න කාලයක් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ චාවේස් යළි වෙනිසියුලාවට රැුගෙන ආවේ ඉකුත් 18 වැනිදාය. ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසුවිය.
චාවේස් කොන්ද කෙළින් තබාගෙන ඇමෙරිකාවට අභියෝග කළ නායකයකු බවත් ඔහු වැනි විප්ලකාරියකු යළි පහළ නොවනු ඇති බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඇමෙරිකා මාධ්‍ය පවා චාවේස් උදාර නායකයකු බව පෙන්වා දී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපේ සහෝදරයෝ (ස)
ඔබ ලබන ආත්මේ ලංකාවේ උපදීවා (ස)
බටහිර විරෝධී හා දේශප්‍රේමීන්ට මෙතුමා හොඳ ආදර්ශයක් (ස)
දේශප්‍රේමී විලසින් සිටින වෘකයින්ට මෙන්න ආදර්ශයට ගන්න නියම නායකයෙක්. (නි)
චාවේස් සහෝදරයාට නිවන් සැප ලැබේවා! (නි)
අති ශ්‍රේෂ්ඨ නායකයාට ශ්‍රී ලංකා ජාතියේ උපහාරය...! ඔබ වැනි නායකයෙක් ලංකාවෙත් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...! (ස)
රීටාගේ ප්‍රකාශයට මමත් සම්පූර්ණයෙන්ම එකගයි. (නි)
ලෝකයේ බිහිවූ එක් උත්තම ලෝක වාසියෙක් මුළු ලොවටම නැති විය. වෙනිසියුලාවේ ලක්ෂ ගණන් ජනතාව පමණක් නොව බොහෝ රටවල විශාල ජනතාවක් වෙනිසියුලාව සමග අද ජනාධිපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් දුක් වෙති. වෙනිසියුලා ජාතිකයින්ට ජනාධිපති හියුගෝ චාවේස් වෙනුවෙන් කළ හැකි ලොකුම ගෞරවය නම් ඔහු ගෙන ගිය මාර්ගයෙන් අනාගතයෙත් රට නඟාසිටුවීමට හැකි සෑම උත්සාහයක් දැරීමය. ජනාධිපති හියුගෝ චාවේස් වැනි නායකයෝ අනාගතයෙත් ලෝකයේ බිහි වේවා!(නදී)
කොන්ද කෙලින් තියාගෙන කථාකරන බොහොම එඩිතර, නිර්භීත නායකයෙක්... රටවැසියන්ට බෙහෙවින් ආදරය කළ නායකයෙක් බව මේ ඡායාරූපයෙන්ම සාක්ෂි දරයි.. එතුමන්ට මොක් සුව පතමි.. !(ස)
වාසනාවට එවැනි නායකයෙක් ලැබුනේ. (නදී)
මෙතුමා කොන්ද කෙලින් තියාගෙන ඇමරිකාවට විරුද්ද වුනා පමනක් නොවේ. තෙල් සම්පත හොරකන් නොකරපු සැබෑ නායකයෙක්.(නදී)
බටහිර ගැති නිවටයන්ට හැර අන් අයට ඔබ සැබෑ වීරයෙක්මය ...! (ස)
නිවන් සැප ලැබේවා...! (ස)
ඔබ කොන්ද කෙළින් තියාගෙන බටහිර නායකයන්ට ගැති නොවී සිටි ඔබ බොහොම එඩිතර නායකයෙක්. ඔබ සැබෑ වීරයෙක්. ඔබ වැනි නායකයෝ තවත් බිහි වේවා! ඔබට නිවන් සුව අත්වේවා! (ස)
ආදර්ශවත් නායකයෙක්. (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ හරියටම හරි. (නි)
ඉතා හොද නායකයෙක්. (නි)
අගය කල යුතු නායකයෙක් (දී)
රටේ තෙල් සම්පතින් ලැබෙන මුදල් රට වෙනුවෙන් පමණක් යෙදවූ ඔබට මාගේ උත්තමාචාරය! (නි)
ඔබ සැබෑම නායකයෙකි. (නි)