උප ජනාධිපති නිකලස් මදුරෝ

වෙනිසියුලා සමාජවාදී නායක හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු ඔහුගේ අඩුව පිරවීමට ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වන උප ජනාධිපති නිකලස් මදුරෝට හැකිවනු ඇතැයි චාවේස්ගේ එක්සත් සමාජවාදී පක්ෂය විශ්වාස කරයි.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පැවැති ජනපතිවරණයෙන් චාවේස් විශිෂ්ට ජයක් හිමි කර ගත් අවස්ථාවේදී උප ජනපති ධුරයට පත් වුණේ නිලකස් මදුරෝය.
1962 වසරේ නොවැම්බර් 23 වැනිදා උපන් මදුරෝ බස් රථ රියැදුරෙකි. ඔහු දේශපාලනයට අවතීර්ණ වූයේ වෘත්තීය සමිති නායකයකු ලෙසිනි.
චාවේස් ඉකුත් දෙසැම්බරයේ පිළිකා සැත්කමට භාජන වීමට කියුබාවේ හවානා නුවර බලා ගිය අවස්ථාවේදී ඔහු ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස මදුරෝ නම් කළේය. එපමණක් නොව ඔහුට බලය පැවැරීමක් ද කළේය.
චාවේස් මියගිය බව මාධ්‍ය හමුවේ කියා සිටියේ ද මදුරෝය. මදුරෝ චාවේස්ගේ අඩිපාරේ යන දේශපාලනඥයකු බව වෙනිසියුලානු වැසියන්ගේ ද විශ්වාසය වී ඇත.
තව දින 30 ක් ඇතුළත පැවැත්වීමට නියමිත වෙනිසියුලානු ජනාධිපතිවරණයේදී 50 හැවිරිදි මදුරෝ සමඟ තරඟ කරනු ඇත්තේ විපක්ෂ නායක 40 හැවිරිදි හෙන්රීකේ කැප්රිලේය. ඉකුත් ඔක්තෝබරයේ පැවැති ජනපතිවරණයේදී වාචේස්ගේ ප‍්‍රතිවාදියා වූයේ කැප්රිලේය.

 

විපක්ෂ නායක හෙන්රීකේ කැප්රිලේය