පසුගිය වසරේ පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකරගත් සමාජවාදී නායක චාවේස් යළිත් වරක් ජනපති ධුරයේ දිවුරුම් දීම දින කිහිපයක් ප‍්‍රමාද වනු ඇතැයි වෙනිසියුලානු උප ජනපති නිකලස් මුඩුරෝ පවසයි.
1999 වසරේ සිට බලයේ රැඳී සිටින 58 හැවිරිදි චාවේස් තවත් සය අවුරුදු ධුර කාලයක් සඳහා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 10 වැනිදාය.
එහෙත් පිළිකාවකින් පීඩා විදින ඔහු පසුගියදා කියුබාවේ හවානා නුවරදී අවදානම් සැත්කමකට භාජන විය. සැත්කමින් පසු, ඔහු අසාධ්‍ය තත්ත්වයක පසුවන බවත්, ස්වසන අපහසුවකින් පෙළීම නිසා ඔහු ස්වසන යන්ත‍්‍රයකට සම්බන්ධ කර සිටින බවත් වෙනිසියුලා රජය වැඩි දුරටත් පවසා ඇත.
සැත්කමින් පසු චාවේස්ගේ සෞඛ්‍ය තත්ත්වයේ සැබෑ තොරතුරු රහසක් ලෙස තබා ගැනීමටත්, ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පැවැසීමටත් වෙනිසියුලා රජය කටයුතු කළේය.
එහෙත් විදෙස් මාධ්‍යවල සඳහන් වූයේ චාවේස්ගේ තත්ත්වය බරපතළ බවය. ඒ අනුව වෙනිසියුලානු ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් සන්ධානය දිගින් දිගටම රජයට බලකරන්නට වූයේ චාවේස්ගේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බලවතා යැයි කියාගන්නා ඇමරිකාව, තඹයකටවත් ගණන් නොගන්නා,එම කලාපය තුළම සිටින නායකයානෙනි, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නි)