ලතින් ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ ජනතාවාදී නායක හියුගෝ චාවේස්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන, ඔහුගේ දිවුරුම් දීම ප‍්‍රමාද කිරීමටත්, දිවුරුම් දීමේ දිනය තව දුරටත් දීර්ග කිරීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් එම තීන්දුව වෙනිසියුලා රජයේත් එරට ජනතාවගේත් අභිමතයට අනුව ලබා දුන් තීන්දුවක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
වෙනිසියුලාවේ ඉකුත් ඔක්තෝබර් මාසයේ පැවැති ජනපතිවරණයෙන්, යළිත් වරක් සය වසරක ධුර කාලයක් සඳහා විශිෂ්ට ජනවරමක් හිමි කරගත් සමාජවාදී නායක හියුගෝ චාවේස් පෙරේදා (10) දිවුරුම් දීමට නියමිතව සිිටයේය.
එහෙත් සිව්වැනි වරටත් කියුබාවේ හවානා නුවරදී පිළිකා සැත්කමකට භාජන වූ චාවේස් මේ වනවිට අසාධ්‍ය තත්ත්වයක පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd