IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චීනයෙන් උඩු ගුවනට ගිය පළමු කාන්තාව ලියු යෑං

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ උඩු ගුවනට ගිය පළමු කාන්තාවවීමේ ගෞරවය ලියු යෑං (33) හිමිකර ගත්තාය. පෙරේදා (16) ඇරඹි සෙන්ෂෝ-9 අභ්‍යවකාශ ගමනට එක්වීමත් සමඟ ඇයට මේ ගෞරවය හිමිවිය. චීනය මිනිසකු යොදාගෙන සිදු කළ සිවුවන අභ්‍යවකාශ ගමන ලෙස මෙය සැලකේ. ගගනගාමීන් තිදෙනකු රැගත් මෙම යානය ගෝබි කාන්තාරයේ පිහිටි ජියුකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ඇරඹීය. ලියු යෑං චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගුවන් නියමුවරියක් ලෙස කටයුතු කරමින් සිටින අතරතුර 2010 වසරේදී ගගනගාමියකු ලෙස තෝරා ගෙන ඇත. චීන අභ්‍යවකාශ වැඩසටහනේ නිලධාරියකු පැවැසුවේ ලියු යෑං සියලූ පුහුණුවීම් ලැබූයේ චීනය තුළ දී බවයි. මෙම යානය අභ්‍යවකාශයේ රඳවා ඇති ටියැගොන් -1 යානය හා සම්බන්ධවීමට නියමිතය.



අදහස් (0)

චීනයෙන් උඩු ගුවනට ගිය පළමු කාන්තාව ලියු යෑං

ලක්ෂාන් Tuesday, 19 June 2012 08:44 AM

චීන බලාපොරොත්තු ඉටු වෙනවා නිසැකයි.ලෝක අනාගතය වෙනුවෙන් චීනය දක්වන දායකත්වය විශාලයි

:       0       0

Tuesday, 19 June 2012 10:24 AM

"නිදාගත් රතු මකරා අවදි වෙමින් සිටියි...."

:       0       0

සුසිල් Wednesday, 20 June 2012 07:41 AM

ඒක නම් ඉතාමත් හොදයි..!!

:       0       0

සූටික්කා Monday, 18 June 2012 11:03 PM

"සෙන්ෂෝ - 9"... මෙහි තේරුම "කිමිදුම් නෞකාව" යන්නයි. චීන අජටාකාශ බලධාරීන්ට තිබෙන ඉහළම බලාපොරොත්තුව ඔවුන්ටම කියා අජටාකාශ මධ්‍යස්ථානයක් හිමිකර ගැනීමයි. එම ඉලක්කය 2020 දී සපුරා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. "සෙන්ෂෝ - 9" අජටාකාශ ගත කිරීම එහි ආසන්නම පියවරයි. පළමු වරට චීන ජාතික කාන්තාවක් අජටාකාශයට යන්නෙත් මෙම යානාවෙන්. මීට පෙර මේ අවස්ථාව කාන්තාවන් 56 දෙනෙකු විසින් හිමිකරගෙන තිබෙනවා. ඇමෙරිකානු ජාතික කාන්තාවන් 46 ක්, රුසියානු කාන්තාවන් 3 ක්, කැනේඩියානු කාන්තාවන් 2 ක්, හා ජපන් ජාතික කාන්තාවන් 2 ක් වශයෙන්. ජාතීන් 16 ක් සතු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාමාජිකත්වය චීනයට නොලැබී ගියාට පසු 2000 වසරේ සිට ඔවුන් තමන්ටම කියා මධ්‍යස්ථානයක් තනා ගැනීමේ කටයුතු ඇරඹුවා. චීන්නු එහෙමයි.

:       0       0

අමරා ඉරංගනී Monday, 18 June 2012 11:58 PM

ගැහැණියකට ලොව කරන්න බැරි දෙයක් නැත .ඇය ලොවට හඬගා කියයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 554 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 716 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 296 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site