දශක හයකට පසුව චීනයේ බීජිං නුවරට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් මේ වන විට 10 දෙනකු මිය ගොස් ඇති බවත් රටේ අනෙක් ප‍්‍රදේශවල හටගත් සුළි සුළං තත්ත්වය හේතුවෙන් තවත් 10 දෙනකු මිය ගොස් ඇති බවත් එරට ආපදා කළමනාකරණ අංශ ඊයේ(22) පැවැසීය. අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කළ එරට කාලගුණ විද්‍යා අංශ පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊසානදිග චීනයට සුළිසුළංවලින් බලපෑම් එල්ල විය හැකි බවයි. සෑම වසරකම පාහේ චීනයේ නොයෙක් ප‍්‍රදේශවලට ගංවතුර තත්ත්වයන් හට ගැනීම සාමාන්‍ය සංසිද්ධියක් බවත් මෙවර බිජිං නගරයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය අසාමාන්‍ය එකක් බවත් කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලගුණෙත් එහේ යැවුවා නම් හරි නේද ඉගෙනගෙන එන්න. (නි)