උතුරුදිග චීනයට බලපා ඇති අධික හිම පතනය නිසා ගුවන්ගමන් සියයක් පමණ නවතා දමා ඇති අතර අධිවේගී මාර්ග ගණනාවක ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇත.
අධික හිමපතනය නිසා බීජිං නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්ගමන් වාර 111ක් අවලංගු කර ඇති බවත් ඉන් 16ක් ජාත්‍යන්තර ගුවන්ගමන් බවත් ගුවන්සේවා බලධාරීහු පවසති.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු චීනයේ අධිවේගී මාර්ග 40ක් වසා දමා ඇති බව එරට රජයේ ප‍්‍රකාශකයකු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද සොබාදහමත් වෙනස් වෙලා (ස)
ලබන අවුරුද්දෙ පාසල් ළමුන්ට නිල ඇදුම් එවන්නත් බැරි වෙයිද දන්නෙ නැහැ..!(නු)