සිරියාවේ සාමකාමි වාතාවරණයක් ඇති කිරීමට එක්සත් ජාතීන් හා අරාබි ලීගය පත් කළ විශේෂ සාම දුතයා වන ලක්ඩාර් බ‍්‍රහීම් දරන උත්සාහයට ලෝකයේ සියලූ රටවල් සහය දිය යුතු බව චීනය කියයි. සිරියාවේ තත්ත්වය දිනෙන් දින උග‍්‍ර අතට හැරෙමින් පවතී. ජනපති බෂාර් අල් අසාඞ් ගේ රජය හමුදා දැන් වැඩි වැඩියෙන් එල්ල කරන ගුවන් ප‍්‍රහාර වලට හසු වීමෙන් මේ වන විට සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත්ව ඇති අතර නිවාස ඇතුළු දේපළ රාශියක් විනාශවිය. වහා සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර තාවකාලිකව හෝ රජයයක් ගොඩනැගීම කෙරෙහි දෙපාර්ශවයම සළකා බැලිය යුතු බව චීනයේ මතය වේ. ඒ සදහා සිරියාවේ දේශපාලන පක්ෂ සක‍්‍රීයව දායක වීම ඉතා වැදගත් බව අවධාරණය කරනා චීනය උද්ගත වී ඇති තත්ත්වයට එකම විසදුම දේශපාලන විසදුමක් බවත් අන්තර්ජාතික ප‍්‍රජාවේද සහයද එයට ලැබිය යුතු බවත් පවසයි. සිරියාවට සම්බාධක පැනැවීමට පසුගිය ජූලි මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ යෝජනාවකට චීනය විරුද්ධව ඡන්දය දුන්නේය. රුසියාවද ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළ අතර දෙරටම නිෂේධ ඡන්ද බලය හිමි රටවල් බැවින් එම යෝජනාව නිෂ්ප‍්‍රභ විය. එහෙත් තමන් පක්ෂග‍්‍රාහී නොවන බව පවසන චීනය ගැටළුව කඩිනමින් හා සාමකාමිව විසදා ගැනීමට මුල් පියවර තැබිය යුත්තේ සිරියා රජය බව අවධාරණය කර සිටී.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීනය සිරියා සාම පාර කපයි
මාධව Tuesday, 06 November 2012 01:53 AM
ජයවේවා