ගිණිකොන චීනයේ පෙරේදා (25) හටගත්, රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 5.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 104 දෙනෙක් තුවාල ලැබූහ. අලූයම 4 ට පමණ හටගත් එම භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ යූනාන් සහ සිචුවාන් පළාත් මායිම අසළ යැයි චීන භූ විද්‍යා සහ පතල් කාර්යාංශය නිවේදනය කරයි. ප‍්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපකයේ ඒකක 3.3 ක් සහ 3.2 ක් සටහන් කළ පසු කම්පන දෙකක් ද හටගෙන තිබේ. භූමි කම්පාව හේතුවෙන් ගම්මාන කීපයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ද වාර්තා වේ. කඩා වැටුණු නිවාසවල සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ප‍්‍රාන්ත බලධාරීහු පවසති. තුවාල ලැබූවන්ට කඩිනමින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමට සහන සේවකයෝ පියවර ගත්හ. චීන ෂිංහුවා පුවත් සේවය පවසන්නේ තුවාල ලබා රෝහල් ගත කළ පිරිසෙන් විසි දෙනකුගේ තත්ත්වය බරපතළ බවය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්: