IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


චීනයේ ප‍්‍රාථමික පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුහු 18 ක් පණ පිටින් වැළලෙති

(ඒ.එෆ්.පී.* ගිණිකොනදිග චීනයේ ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් මතට ඊයේ (4) උදෑසන හදිසියේම පස් කන්දක් කඩා වැටීමෙන් සිසුන් 18 දෙනකු සහ ගුරුවරු තිදෙනෙක් පණ පිටින් වැළැලූණහ. චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළ අන්දමට එම පාසල ඉදිකර තිබුණේ යුවාන් ප‍්‍රාන්තයේ ෂෙංහේ ගම්මානයේ පස් කන්දක් පාමුලය. පස් කන්ද හිටිහැටියේ කඩා පාත් වූ හෙයින් එහි සිටි දරුවන්ට හෝ ගුරුවරුන්ට හෝ පාසලෙන් පිටතට යෑමට හැකියාවක් ලැබී නැත. අනතුර වාර්තා වූ සැණින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ පස් තට්ටු ඉවත් කරමින් දරුවන් බේරා ගැනීමට උත්සහ ගෙන ඇත. කම්පනයට පත් දරුවන්ගේ මා පියන් හඬා වැළෙපෙමින් පස් අතර සිරවූ තම දරුවන් සෙවූ බව ද ෂිංහුවා පුවත් සේවය වැඩි දුරටත් කියා සිටී. ඉකුත් සැප්තැම්බර් 7 වැනිදා යුවාන් ප‍්‍රාන්තය රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 5.6 ක් සටහන් කළ භූමි කම්පා දෙකකින් දෙදරා ගියේය. කඩා වැටීමට ලක් වූ එම පස් කන්ද ද භූමි කම්පාවලින් දෙදරා ගොස් තිබුණි යැයි බලධාරීහු පවසති. කෙසේ නමුත් පස් කන්ද කඩා වැටේවි යැයි ෂෙංහේ ගම්වාසීන් හෝ යුවාන් ප‍්‍රාන්ත බලධාරීන් හෝ කල්තියා දැන නොසිටි බව ද වාර්තා වේ. ඉකුත් සැප්තැම්බර් මස සිදුවූ එම භූමි කම්පාවෙන් 81 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 820 දෙනෙක් තුවාල ලැබූහ. ලක්ෂ දෙකකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වූ බව වාර්තා විය.



අදහස් (0)

චීනයේ ප‍්‍රාථමික පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුහු 18 ක් පණ පිටින් වැළලෙති

තුවාන් ෂෙරිෆ් Saturday, 06 October 2012 11:20 PM

අවාසනාවන්ත සිදුවීමක් අපගේ බලවත් කණගාටුව..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site