නැගෙනහිර චීන මුහුදේ නාවික හමුදා අභ්‍යාසයක් ඇරැඹීමට චීනය සැරසේ. මෙම අභ්‍යාසයට නැව් 11 ක් ගුවන් යානා 8 ක් හා සමුදුරු නිරීක්ෂණ යාත‍්‍රා එක්වනු ඇති බව සදහන්ය. අභ්‍යාසයේ තේමාව වී ඇත්තේ ‘‘දේශයේ ස්වෛරීභාවයට එරෙහිව නැගෙන්නන්ට ක්ෂණික ප‍්‍රතිචාර දක්වමු’’ යන්නයි. කෙසේ වුවත් අභ්‍යාසය අරඹන නිශ්චිත ප‍්‍රදේශය මෙතෙක් හෙළි වී නොමැත. නැගෙනහිර චීන මුහුදේ ඇති සෙනකු:ඩියාඔයු දුූපත් සමූහයට චීනය තායිවානය හා ජපානය යන රටවල් 3 ම අයිතිවාසිකම් කියයි.දැනට ඒවා පාලනය වන්නේ ජපානය යටතේය. දූපත් අසලට එන චීනයට හා තායිවානයට අයත් සමුදුරු නිරීක්ෂණ යාත‍්‍රා හා ධීවර යාත‍්‍රා පන්නා දැමීමට ජපන් වෙරළාරක්ෂක හමුදා නිරන්තරයෙන් කි‍්‍රයා කරයි.මේ නිසා දැනට චීනය හා තායිවානය ජපානය සමග පසුවන්නේ එතරම් හොද හිතකින් නොවේ. ජපානයේ හැසිරීමට එකට එක කිරීමක් ලෙස ජපානය කරන අනතුරු ඇගවීම් නොසළකා චීන හා තායිවාන දෙරට සිය නාවික හමුදාවන්ට අයත් යාත‍්‍රා දුූපත් අවට සංචාරයේ යෙදවීමට කටයුතු කර ඇත. (කෝ.සි)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චීනය ජපානයට බලේ පෙන්නයි