IMG-LOGO

‘චන්ද්‍රයාන් 3’ පතිත කළ ස්ථානයට නමක්

(ලුසිත ජයමාන්න)

‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට අයත් ‘වික්‍රම’ යානය, පසුගිය 23 වැනිදා සාර්ථකව සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට සාර්ථකව පතිත කෙරුණි. ඉන්දියාව මෙම ස්ථානය නම් කර ඇත්තේ ‘ශිව්ශක්ති’ Shivshakti යන නමිනි. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පළමු වරට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය.

ඊයේ (26) දිනයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු පිහිටි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, ‘චන්ද්‍රයාන් 3’ පාලන මැදිරියට ISRO Telemetry Tracking and Command Network (ISTRAC) ගොස්, මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥයන් සියලු දෙනා හමුවී ඔවුන්ට පැතුවේය.

ඉන්පසු මෝදි මාධ්‍යවේදීන් ද හමුවිය. ‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ යානය ගොඩබෑ ස්ථානය ‘ශිව්ශක්ති’ යන නමින් විද්‍යාඥයන් නම් කළ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ මෝදිය.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය 2019 වසරේ දී ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම යටතේ ද ‘වික්‍රම්’ නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. එය අසාර්ථක වූ අතර එම යානය සඳට කඩා වැටුණේය. එම කඩා වැටුණු ස්ථානය නම් කර ඇත්තේ ‘තිරංග පොයින්ට්’ Tiranga Point යන නමිනි.



අදහස් (1)

‘චන්ද්‍රයාන් 3’ පතිත කළ ස්ථානයට නමක්

saman Monday, 28 August 2023 11:05 AM

1969 මිනිස්සු ගියා කිව්වෙ හදට නම් නෙමේ මන් හිතන්නෙ බලන්නකො දැන් නෙ රොබොට් යවන්නෙ මිනිස්සු යවන්නෙ නැතුව එ කියන්නෙ අපිව හොදට USA රුසියා ඇන්දුව හොදට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 287 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 460 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site