සිය මළගමේ ‘‘පෙර පුහුණුවක්‘‘කළ ශිෂ්‍යාවක ගැන චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටී.

සෙන්ග් ජියා (22) නම් වන මේ ශිෂ්‍යාව තමන් මළ පසු ඒ ගැන සිය පවුලේ සාමාජිකයන්,අසල්වාසීන්,නෑදෑයින් හා මිතුරන් දක්වන ආකල්පය කෙබදු වේදැයි ‘‘ජීවත්ම සිටියදීම‘‘දැනගැන්ම සදහා මේ අපූරු අදහස ක්‍රියාවට නැංවීය.

තමන්ගේම වියදමින් මිනී පෙට්ටියක්,මල් සැරසිලි ආදිය මිලයට ගෙන ඇති ඇය,මිනී පෙට්ටියේ සැතැපීමෙන් නොනැවතී තමන් මිනියක්බව ඒත්තු ගැන්වීමට වේෂනිරූපණ ශිල්පීන්ගේද සහය ලබා ගත්තාය.

මිනී පෙට්ටියේ පාදස්ථය අද්දර හිස නමාගෙන සිටී හමුදා භටයාද ඇය විසින් කුලියට ගත් අයෙකි.‘‘මිය ගිය‘‘සිය මිතුරිය,දියණිය,අසල්වැසියා හට ‘‘අවසන් ගෞරවය‘‘දැක්වීමට ඇයගේ පවුලේ සාමාජිකයන් ඇතුළු සැළැකිය යුතු පිරිසක් එක්ව සිටි අයුරු දක්නා ලදී.

සම්පූර්ණ හෝරාවක කාලයක් මල් පොකුරකුත් තුරුලූ කරගෙන මිනී පෙට්ටිය‘‘මළ‘‘වෙසින් සිටි ඇය අවසානයේ නැගිට රැස්ව සිටි පිරිස අමතා කතාවක්ද කළාය.

එහිදී ඇය පවසා ඇත්තේ තමන්ට ආදරය කරන මේ සා පිරිසක් සිටීම ගැන තමන් සතුටු වන බවයි.මරණය මේ අයුරින් හෝ විදගැනීමට තමන්ට හැකි වීම ගැන තමන් සතුටු වන බවත් මේ අත්දැකීම තමාට ජීවිතය දෙස අලූත් ඇසකින් බැලීමට උදවු කළ බවත් ඇය කියා ඇත.