IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


චීන අගමැති ලී කෙකියැං ඉන්දියාවේ සංචාරයක

චීන අගමැති ලී කෙකියැං පෙරේදා (19) සවස තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියේය.
චීන අගමැති නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණියේ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟය.
අගමැති කෙකියැං, ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවී චීනයත් ඉන්දියාවත් අතර නිර්මාණය වී ඇති දේශසීමා අර්බුදය ගැන සාකච්ඡුා කිරීම ද නියමිතය.
එම දේශසීමා අර්බුදය හටගත්තේ මීට සති කිහිපයකට පෙර චීන හමුදා ඉන්දියාවට අයත් යැයි පැවැසෙන භූමියක කඳවුරු පිහිටුවා ගැනීම නිසාය.
චීන අගමැතිවරයාගේ සංචාරය නිමිත්තෙන් නවදිල්ලි නුවර විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ද කි‍්‍රයාත්මක විය. නවදිල්ලියේ උමං දුම්රිය ස්ථාන කිහිපයක් ද වසා දමා ඇතැයි ද වාර්තා වේ.
ඉන්දියාවත් සමඟ නව ආයෝජන අවස්ථා ඇති කර ගැනීම ද චීන අගමැති ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායමේ අරමුණ වී ඇතැයි ද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.
අගමැති ධුරයට පත් වීමෙන් පසු, ලී කෙකියැං ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. ඔහු මීට පෙර ඉන්දියාවේ සංචාරය කළේ ඇමැතිවරයකු ලෙසය. ඒ 27 වසරකට පෙරය.

 

චීන අගමැති (වමේ) ඉන්දීය අගමැති හමුවී...

 



අදහස් (0)

චීන අගමැති ලී කෙකියැං ඉන්දියාවේ සංචාරයක

ලසන්ත Tuesday, 21 May 2013 08:19 AM

අපට ලෝකේ තියනා තැන කොහොම තැනක් ද කියනවා නම් මෙහෙට එන රාජිය නායකයෝ දිහා බැලුවම පෙනෙනවා. මෙච්චර උදවු කරනවා කියන ඔය ඉන්දියා, චීන, රුසියා නායකයෙක් ඒවිද. ඔක්කොම එවන්නේ නියෝජිතයෝ.(නදී)

:       0       0

රූපා Tuesday, 21 May 2013 08:20 AM

ඉන්දියාවට වසරක් ඇතුලත ඇමරිකන්, රුසියන්,ප්‍ රංශ,බ්‍රිතාන්‍ය නායකයෝ ආවා. දැන් චිනෙනුත් ඇවිල්ලා. අපි පොදුරාජ්‍ය මණ්ඩල නායකයෝ ටික ගෙන්වා ගන්ට පොරකනවා.(නදී)

:       0       0

නන්දන Tuesday, 21 May 2013 08:21 AM

අපටත් ආවේ ස්වාසිලන්තෙන්.අන්න එක බිරියක් එංගලන්තෙට පැනලා ගිහින් ආධාර ඉල්ලලා.අන්න එහෙම අය තම අපේ යාලුවෝ. ආ.... ඒකට මොකෝ ඒ රජෙක්නේ.... (නි)

:       0       0

නිමල් Tuesday, 21 May 2013 08:26 AM

මේකෙන් කියන්නේ එකට වෛර කරගන්න රටවල් දෙකක් උනත් මේ දෙන්නගේ ආර්ථික දියුණුව නිසා එකිනෙකාට දැනෙන ආර්ථික වැදගත් කම. අපට එහෙමද?  අපිට පරිප්පු බෙදුවත්,ඉන්දුලංකා ගිවිසුම බලෙන් අත්සන් කරත් අපිට වැදගෙන ඉන්නයි වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15774 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site