IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


චීන අගමැති ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා තරකර ගනී

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි චීන අගමැති ලී කෙකියැං පෙරේදා (20) සවස ඉන්දීය රජය සමඟ වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීය.
චීන වෙළෙඳ පොළට ඉන්දීය නිෂ්පාදන වැඩි වැඩියෙන් හඳුන්වා දීමටත් වෙළෙද ආයෝජන උදාකර දීමටත් තමන් සූදානම් බව චීන අගමැතිවරයා අගමැති මන්මෝහන් සිං සහ ඉන්දීය ව්‍යාපාරිකයන් හමුවෙමින් පැවැසීය.
චීන අගමැතිවරයා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේ ඉකුත් 19 වැනිදාය. ඔහු සමඟ චීන ව්‍යාපාරිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙක් ද පැමිණියහ.
වෙළෙඳ ආයෝජන ඇති කර ගැනීමට අමතරව ඉන්දියාවත් චීනයත් අතර  පවතින දේශසීමා අර්බුදය විසඳා ගැනීමට ද අගමැතිවරුන් අතර සාකච්ඡුාවට බඳුන් විය.
එම දේශසීමා අර්බුදය හටගත්තේ මීට සති කිහිපයකට පෙර චීන හමුදා ඉන්දියාවට අයත් යැයි පැවැසෙන භූමියක කඳවුරු පිහිටුවා ගැනීම නිසාය.



අදහස් (0)

චීන අගමැති ඉන්දියාව සමඟ වෙළෙඳ සබඳතා තරකර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15773 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site