‘බෝපා’ සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනයට සහ පලාව් දුපත් රාජ්‍යයට අවශ්‍ය ආධාර ලබා දීමට තමන් යුහුසුළුව කටයුතු කරන බව ඇමෙරිකා රජය ඊයේ (6) ප‍්‍රකාශ කළේය. බෝපා සුළි කුණාටුවෙන් බරපතළ ලෙස හානි සිදුවූයේ පිලිපීනයටය. පිලිපීනයේ 325 දෙනකු සුළි කුණාටුවට බිලි වූ අතර සිය ගණනකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. සුළි කුණාටුව පිලිපීනය හරහා හමා ගියේ පැයට කිලෝ මීටර් 210 ක වේගයකිනි. සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමත් සමඟ අවදානම් 42,000 දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැණින. සෑම වසරකම සුළි කුණාටු 20 ක් පිලිපීනයට කඩා වදී. පසුගිය අගෝස්තු මාසයේදී පිලිපීනය හරහා හමා ගිය සුළි කුණාටුවක් හේතුවෙන් 100 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මිලියන ගණනකට උන්හිටිතැන් අහිමි විය. ඉකුත් වසරේ සුළි කුණාටු 19 ක් පිලිපීනයට බලපෑම් කළ අතර එයින් 10 ක් ප‍්‍රබල ගණයේ සුළි කුණාටු විය. ඒවායින් මරණ ගණන 1,500 ක් වාර්තා විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd