
චෙක් ජනරජයේ, ප්‍රාග් නුවර විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනකට පසු චෙක් ජනරජයේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය මෙය බවය.
වෙඩි තැබීම කළේ 24 හැවිරිදි තරුණයකු බවත්, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු ද ජීවිතක්ෂයට පත් වුණු බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
වෙඩි තැබීම සිදුවූයේ ප්‍රාග් නුවර, චාල්ස් විශ්ව විද්‍යාලයේ, කලා පීඨයේය. ප්‍රාග් නුවර ප්‍රකට සංචාරක ස්ථාන කීපයක් ද ඇත්තේ මම විශ්ව විද්‍යාලය අවටය. වෙඩි ප්‍රහාරයට ලක් වූයේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ය. වෙඩි තැබීම කළ තරුණයා ද විශ්ව විද්‍යාලයේ සිසුවකු බව පැවැසෙයි.
වෙඩි තැබීම කර ඇත්තේ දේශනයක් පැවැත්වෙද්දී එම දේශන ශාලාවකට ඇතුළු වෙමිනි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් 24 දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පොලිස්පති මාටින් වොන්ඞ්රෙස්ක් මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුවූයේ කුමක්දැයි පැහැදිලි කළ අවස්ථාවේදී පැවැසීය. එම 24 දෙනාගෙන් 9 දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීම සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව චෙක් ජනාධිපති පෙට්‍ර පවෙල් මාධ්‍ය හමුවේ පැවැසුවේය. චෙක් ජනරජයේ මීට පෙර මෙවැනි ආකාරයේ වෙඩි තැබීමක් සිදුවූයේ 1993 වසරේදීය.
චෙක් ජනරජය යුරෝපා රටකි. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයන් බොහෝ දෙනකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චෙක් ජනරජයේ වෙඩි තැබීමක්: 15 ක් මරුට