
බටහිර අප්‍රිකාවට අයත් ගිනියා රාජ්‍යයේ කොනැක්රි අගනුවර කුණු කන්දක් නායයෑමෙන්, 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම කුණු කන්ද ඇත්තේ ‘ඩාර්-එස්-සලාම්’ ප්රදේශයේය. එය පාමුල පැල්පත් නිවාස රැසකි. මහ වැසි සමග, මෙම කුණු කන්ද නාය ගියේ පැල්පත් සියල්ල යට කරමිනි.
ගිනියා රජය පැවැසුවේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවුණු බවත්, සිවු දෙනකු බේරා ගැනීමට හැකි වුණු බවත්ය. ඔවුන්ගේ තත්ත්වය ද බරපතල බව පැවැසෙයි.
ගිනියා අගමැති අමාදු ඕරේ බා ද කුණු කන්ද නාය යෑම සිදුවුණු ස්ථානයට ගිය බව ද පැවැසෙයි. මහ වැසි හේතුවෙන් කුණු කන්ද නාය ගියේ එය ඉවත් කිරීමට සැලසුම් කර තිබූ දිනයට පෙරදා රාත්‍රියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd