ස්ත්‍රී දුෂකයන්ට වැට බැදීමේ සමත් කාන්තා යට ඇදුමක් ඉන්දියාවේ එස්.ආර්.එම් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවියන් දෙදෙනෙකු විසින් නිපදවා ඇතැයි වාර්තා වේ.
යට ඇදුමේ ළැම ප්‍රදේශයේ අධිවෝල්ටීයතා ජනකයක් සවිකර ඇති අතර බලහත්කාරකම් කිරීමේ අරමුණින්පැමිණෙන්නෙකුට කිලෝ වොල්ට් 3800 ක විදුලි සැරයක් වද්දවා අඩපණ කිරීමේ හැකියාව ඊට ඇත.මේ විදුලි සැරයෙන් පැළද සිටින්නාට හානියක් සිදුනොවේ.යට ඇදුමේ ඇතුළු පැත්ත පරිවාරක ද්‍රව්‍යයකින් පරිවරණය කර තිබීම ඊට හේතුවයි.
නොනවත්වා වාර 82 ක් පමණ එකදිගට විදුලි සැර වැද්දවීමේ හැකියාව මේ වෝල්ටීයතා ජනකයට ඇති බව යට ඇදුම නිර්මාණය කළ සිසුවියන් දෙපළ කියයි.
තවද ජී.පී.එස් (ගෝලීය පිහිටුම් අනාවරක) පද්ධතියක්ද යට ඇදුමට සවි කිරීමටද ඔවුන් කටයුතු කර තිබේ.එමගින් යට ඇදුම පැළද සිටින්නා අනතුරකට පත්වී ඇත්නම් ඒ කුමන ප්‍රදේශයකද යන්න පොලිසියට හා හිතවතුන්ට දැන ගැනීමට හැකියාව ලැබේ.
ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී යම් යම් ගැටලූ මතුවිය හැකි වුවද ඒවාට විසදුම් සොයා ගෙන මේ නිර්මාණය තව දුරටත් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව සිසුවියන් දෙපළ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිම්හානි , නෑ ඔයාට වැරදිලා මේක වටින්නේ ඉන්දිය්වට. මොකද අද ගැහැණු ළමයෙකුට බස් එකකවත් යන්න බැහැ ඉන්දියාවේ. ඒ තරම් අසහනකාරයෝ ඉන්නේ.(නදී)
මම නම් ආයෙත් ඕවට නැහැ. අම්මපා. (නි)
එතකොට මේකේ බැටරිය හංගන්නේ කොහෙද? අනේ කෙල්ලෝ නිකම්ම අමාරුවේ වැටෙනවා (නි)
බැරි වෙලාවත් ප්‍රාදේශිය දේශපාලනඥයෙක් ඔයින් ගවුමක් ඇදගෙන කාන්තාවක් බදාගත්තොත් මොකද වෙන්නේ? (නි)
අලුත් දෙයක් කිරීමට ගතපු උත්සහය අගේ කරනවා. ඒත් ප්‍රායෝගික නෑ. අනතුරු වැඩි. විදුලිය නොවදින විදියට ඉන්න ගොඩක් අය දන්නවා... (ස)
විදුලිය වදිනකොට පිරිමිය ගැහැනියගේ අතින් අල්ලාගෙන හිටියොත් මොකද වෙන්නේ? (නි)
බැරි වෙලා හරි වයර් මාරු වුනොත් ෂෝට් වෙයි නේද අනේ... (නි)
බැරි වෙලාවත් ගවුම ගලවන්න අමතක වුණොත්? ස්වාමි පුරුෂයාට? (නි)
අර "ස්පෙල් බයින්ඩර්" එකේ වගේ "හයි ටෙක් පවර් සූට්" ඇදුමක් හදලා දුන්නා නම් හරි. (නි)
හරි ෂෝක් ලංකාවටත් මේ උපකරණය ගොඩක් වටිනවා මොකද ලංකාවෙත් කාමාතුරයෝ පිරිලා. (ස)
ඔච්චර වදවෙන්නෙ මොකටද නංගී? ග්‍රෑම් 50 ක මිරිස් කුඩු පැකට් එකක් ළඟ තියාගත්තා නම් හරිනේ. (නි)
ඔය කිවුවට අපේ ස්ත්‍රීන් ගැන නම් අපිට ෂුවර් නැහැ. (නි)
බැරි වෙලාවත් පිරිමියෙක් ඕක ඇදගෙන ආවොත් කවුද අඩපන වෙන්නේ? (ස)
මේකත් අර අලි වැට වගේ වැඩක්ද? (නදී)