
ගාසා තීරයේ උතුරු කොටසේ පිහිටි, අල් ෂිෆා රෝහලට යටින් හමාස් සටන්කාමීන්ගේ උමඟක් ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසයි.
අල් ෂිෆා යනු ගාසා තීරයේ විශාලතම රෝහලය. පසුගිය දින කීපය පුරාවට ඊශ්‍රායල හමුදාව මෙම රෝහල වට කරමින් පහර දුන්නේ රෝහලේ රෝගීන්, නොමේරූ බිලිඳන් සහ රෝහලේ ආරක්ෂාව ලැබ සිටි පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අයුරිනි. ප්‍රහාර හමුවේ රෝහලේ කටයුතු මුළුමනින්ම අඩපණය විය.
ඊශ්‍රායල හමුදාව පැවැසුවේ, අල් ෂිෆා රෝහල යට මීටර් 55 ක් දිග, මීටර් 10 ක් පළල උමං මාර්ගයක් ඇති බවය. රෝහල වට කර පහර දීමෙන් පසු, ඊශ්‍රායල හමුදාව මේ වනවිට රෝහල ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd