IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි

ගාසා තීරයේ පුළුල් සටන් විරාමයක් ඇති කළ යුතු බවත්‍, පලස්තීනයේ සහ ලෙබනනයේ දුක්ඛිත තත්ත්වයන් අවසන් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24දා) රුසියාවේ කසාන්හිදී පැවැති BRICS ප්ලස් නායකයන්ගේ සංවාදය අමතමිනි. 

මානව සංහතිය වෙනුවෙන් හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය දකුණේ බලවත් බලවේග පෙළගැස්විය යුතු බවද ඔහු එහිදී සඳහන් කළේය. 

ගෝලීය දකුණේ සාමූහික නැගීම ලොව පුරා සිදු වූ මහා පරිවර්තනයේ සුවිශේෂී ලක්‍ෂණයක් බවත්, ගෝලීය දකුණු රටවල් නවීකරණය කරා එකට ගමන් කිරීම ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් බවත්‍, එය මානව ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන බවත් ඔහු කීය. 

නවීකරණය කරා යන ගමනේදී ගෝලීය දකුණු රටවල් මුහුණ දෙන දැඩි අභියෝග පිළිබඳ අවධාරණය කළ චීන ජනාධිපතිවරයා පොදු ආරක්ෂාව සඳහා සාමය තහවුරු කිරීමට, පොදු සමෘද්ධිය සඳහා සංවර්ධනය යළි ප්‍රබෝධමත් කිරීමට සහ විවිධ ශිෂ්ටාචාරවල සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ උත්සාහයක අවශ්‍යතාවද මතු කළේය. 

මෙවර බ්‍රික්ස් සමුළුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ කසාන්හිදී පැවැත්වෙයි.



අදහස් (0)

ගාසා තීරයට සටන් විරාමයක් ඕනෑ - චීන ජනපති බ්‍රික්ස් නායකයන්ට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site