
ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචි පලස්තීනුවන් මිලියන 1.1 ක පිරිසට වහා එම කොටසින් ඉවත් වන්නැයි නියෝග කළ ඊශ්‍රායල හමුදාව, පැය 24 ගෙවී යෑමටත් පෙර සිටම ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් ආරම්භ කර තිබේ.
පලස්තීන පාලන අධිකාරිය පවසා ඇත්තේ ගාසා තීරයේ උතුරු කොටසින් පලා යමින් සිටින පලස්තීන සිවිල් වැසියන්ගේ මොටර් රථවලට පවා ඊශ්‍රායල හමුදා පහර දී ඇති බවය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ උතුරු කොටසේ වැටලීම් සිදු කරන්නේ හමාස් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබූ ඊශ්‍රායල වැසියන් සොයමින්ය.
ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සටන්කාමීන් රදවාගෙන සිටින පිරිස අතරේ කුඩා දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් ද සිටින බව පැවැසෙයි.
ප්‍රාණ ඇපකරුවන් සොයමින් යන අතරතුරේ ගාසා තීරයේ උතුරු කොටස මුළුමනින්ම හමාස් සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට බලාපොරොත්තු වන බව ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම්වලට බෙදිලා දුක්විඳින මිනිස්සු. නිරාගමික වුණා නම් කොච්චර සැනසීමක්ද? කාටවත් ගිනි නොදී කරුණාව, බෙදාහදාගැනීම, සහානුකම්පාව (empathy) වගේ ගුණධර්ම ටික දියුණු කර ගත්තා නම් ආගම් මොකටද? කවුරුත් සතුටින්...
ලෝකයේ කොතැනක සිටියත් ත්‍රස්ථවාදීයා ත්‍රස්තවාදියාමය! අවුරුදු 30 ත්‍රස්තවාදයෙනුත්, පාස්කු ඉරිදා ත්‍රස්වාදීන් තිරිසන් බවත් අපි අත්වින්දා, අපේ රටේ වැසියෙක් පාකිස්ථානයේදි ම්ලෙච්ඡ විදියට ඝාතනය කළා! ආගම් මුල් කරගෙන ඇති වන ත්‍රස්තවාදය අතිශයින්ම භයානකයි. ඔවුන් ලෝකයේ කොහේ ඉපදුණත් අවසානයේ එකතු වෙති. ඔවුන්ට තමන් ඉපදුණු රට ද අමතකයි. ඊශ්‍රාලයේදි මිය ගිය අපේ රට අයට බලවත් කණාගාටුව ප්‍රකාශ කරමු. හමාස් ත්‍රස්ථවාදීන් විනාශ කිරීමට ඊශ්‍රායලයට ශක්තිය ලැබේවා...!
හමාස් සංවිධානය සහ පලස්තීනය විසින් ස්වාධීන රාජ්‍යයක් වූ ඊශ්‍රායලයට පහර දෙන ලද්දේ පුළුවන් නිසා නේද? (පලස්තීනයේ, ගාසා තීරයේ පාලනය මෙම ප්‍රහාරය වළක්වා නො ගැනීම එම පාලනය ද මෙයට වගකිව යුතු යි. පලස්තීන බටහිර ඉවුරේ පාලන අධිකාරිය ගාසා තීරයේ පාලනයට වග කියන බැවින් ඊශ්‍රායලයට පහර දීම පිළිබඳව පලස්තීන පාලන අධිකාරියට වගකීමෙන් නො මිදිය හැක.) ඊශ්‍රායලයට විරුද්ධ හමාස් සටන් කාමීන් සහ පලස්තීනය යුද්ධ ප්‍රකාශ කෙළේ හොඳ විශ්වාසයකින් නම් ඉල්ලීම් සහ බැගෑපත් වීම් කුමටද? සාමාන්‍ය වැසියාගේ මෙන්ම සියලු ජීවිත හානි වැළැක්වීමේ වගකීම දෙපාර්ශවයට ම ඇත. ත්‍රස්ත සටන්කාමී සාමාන්‍ය වැසියා අතරෙහි මද සිටිය හැකි බැවින් සියලු දෙනා ජීවිත හානියෙන් තොරව යටත් කර පරීක්ෂාවට භාජනය කළ යුතුයි. අවනත නොවී වන ජීවිත හානි වන්නේ නම් ත්‍රස්ත සටන් කාමීන් වගකිව යුතුයි. පලස්තීන පාලන අධිකාරිය වගකීමෙන් තොරව කටයුතු කිරීමද මේ ව්‍යවසනයට හේතුවිය...
ඊශ්‍රායලයට ජයවේවා. ඔවුන් අදහන දෙවියෝ ඔවුන් රැකදේවා...!